නාමල් කුමාර සහ අමිත් වීරසිංහ අත්අඩංගුවට

නාමල් කුමාර සහ අමිත් වීරසිංහ අත්අඩංගුවට
Spread the love

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස පෙනී සිටින නාමල් කුමාර සහ මහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ යන පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අදාළ පුද්ගලයින් දෙදෙනා අද(14) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේය.

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර වාරකාපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර මහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ යන අය මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ප්‍රදේශ කිහිපයක සිදුවූ කලහකාරී සහ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අදාළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මුලස්ථානය විසින් පත්කර ඇති පොලිස් අධිකාරීවරයෙතුගේ අධීක්ෂණයෙන් යුක්ක විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුතර ඇති බව පොලීසිය පවසයි.