ත්‍රස්තවාදී සියාම් ගැන තොරතුරු රැසක් බුද්ධි අංශ අනාවරණය කරගනී (Video)

ත්‍රස්තවාදී සියාම් ගැන තොරතුරු රැසක් බුද්ධි අංශ අනාවරණය කරගනී (Video)
Spread the love

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ෂැන්ග්‍රිලා හෝටල් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව ඩී.එන්.ඒ පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ වූ සියලු ත්‍රස්තවාදීන්ගේ අනන්‍යතාව ඩී.එන්.ඒ පරීක්ෂණ මඟින් තහවුරු වී ඇති බවයි.

පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ෂැන්ග්‍රිලා හෝටලයේ සිදුවූ ප්‍රහාරයෙන් මිය ගිය බව ප්‍රකාශ කෙරුණද ඔහු එහිදී මිය නොගිය බවටද අදහස් පළ විය. එවන් පසුබිමක සහරාන්ගේ ඩී.එන්.ඒ සාම්පල සහ ඔහුගේ දියණියගේ ඩී.එන්.ඒ සාම්පල සැසඳීමට අධිකරණ නියෝග ප්‍රකාරව පියවර ගැණුනි.

ඒ අනුව සිදු කළ පරීක්ෂාවේදී සහරාන් හෂීම් ෂැංග්‍රිලා ප්‍රහාරයේදී මිය ගිය බවට තහවුරු වී ඇති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අද සඳහන් කළේය.

මේවන විට ත්‍රස්ත ප්‍රහාර මාලාවට සම්බන්ධ සියලුම බෝම්බකරුවන්ගේ ඩී.එන්.ඒ පරීක්ෂණ මඟින් ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

මෙවන් පසුබිමක ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල කළ ත්‍රස්තවාදී කණ්ඩායම සමඟ සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයින් තිදෙනෙකු අම්පාර පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය.ඒ කල්මුණේ ප්‍රදේශයේදීයි.

කල්මුණේ සහරාන් හෂීම්ගේ ප්‍රධාන සංවිධායකවරයා වන සාවුල් හමීඩ් හමීස් මොහොමඩ් නොහොත් කල්මුණේ සියාම් නැමැත්තා ද ඒ අතර වන බව වාර්තා වෙයි. පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ අනෙක් දෙදෙනා සයින්දමරුදුහී පදිංචි මොහොමඩ් ස්මයිල් මොහොමඩ් කාලිත් හා අබුබකර් මුජාහිත් අමිත් යන අය බවයි.

සහාරන්ගේ ප්‍රධාන අනුගාමියෙක් වන කල්මුනේ සියාම්, සහාරන්ගේ ආධාරකරුවන්ට නවාතැන් ගැනීමටත් සමන්තුරේ, නින්දවුර් සහ සයින්දමර්දු යන ප්‍රදේශවල නිවාස ලබා ගැනීමටත් සහාරන්ගේ ප්‍රධාන අධාරකරුවෙකු වන නියාස්ට සහය දී ඇති බව අනාවරණය වී තිබේ.