ජනපතිගෙන් හිස්බුල්ලාට නව තනතුරක්

ජනපතිගෙන් හිස්බුල්ලාට නව තනතුරක්
Spread the love

ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර  යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ තිබේ.

නැගෙනහිර පළාතේ සිදුකරෙන සංවර්ධනය ගැන සොයා බලා ඒවා කඩිනම් කිරිම වෙනුවෙන්  මෙම පත්වීම ලබාදී තිබේ.

නව පත්කිරීමත් සමඟ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සම්බන්ධිකරණ කමිටුවේ නව රැස්විම  ලබන ජුනි 10 දා ත්‍රිකුණාමල දිසාපති කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන් ලෙස වරාය හා නාවික  කටයුතු  නියෝජ්‍ය ඇමැති එම්.ඒ.එම්.මහරුප් හා පාර්ලිමේන්තු මන්ත්‍රී  ආර්.සම්බන්ධන් යන මහත්වරු දැනට කටයුතු කරති.