අවුරුදු 15ක දැරියක් රෑට රෑට ගෙදරින් පන්නාගෙන දූෂණය කරලා

අවුරුදු 15ක දැරියක් රෑට රෑට ගෙදරින් පන්නාගෙන දූෂණය කරලා
Spread the love

නාත්තන්ඩිය, පතංගොඩ දයාශ්‍රිත ගම්මානයේ පදිංචි වයස අවුරුදු 15 ක බාලවයස්‌කාර පාසල් සිසුවියක්‌ දූෂණය කිරීම සම්බන්ධයෙන් මාරවිල පොලිසිය එම ගම්මානයේම පදිංචි රියදුරු රැකියාව කරන විසි හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වින්දිත දැරිය මාරවිල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ කාන්තා උප පොලිස්‌ පරීක්‍ෂිකා අයිරාංගනී මහත්මියට පොලිසියේදී හමුවී කරන ලද පැමිණිල්ලක්‌ මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

තමන් අවුරුදු තුනක පමණ සිට නිවස ආසන්නයේ පදිංචි රවිඳු කල්හාර යන අය සමග ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වාගෙන ගිය බවත් පෙම්වතා සමග තමා දුරකථනයෙන් කතා කරගත් පරිදි ඔහුගේ නිවසට රාත්‍රී කාලයේ ගොස්‌ ඔහු සමග දින කිහිපයක්‌ සිටි බවත් පළමු වතාවට පසුගිය අප්‍රේල් මස දිනක එලෙස ලිංගිකව එක්‌වූ බවත් වින්දිත දැරිය කරන ලද පැමිණිල්ලේ දැක්‌වෙයි.

මැයි 01 දින පාන්දර 2.15 ට පමණ ඔහු සමග එකට සිට එන විටදි පෙම්වතාගේ නිවසට යාව පිහිටි නිවසේ පදිංචි තමාගේ අක්‌කා තමාව දුටු බවද මේ නිසා අක්‌කාද සමග පැමිණ පැමිණිල්ල කරන බවද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.