මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරියේ උපවාසයක නිරතවී සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ශරීර තත්ත්වය දුර්වල වෙමින් ඇති බව කියා සිටිති.
දැනට දින දෙකක් තිස්සේ නිරාහාරව උපවාසයේ යෙදෙමින් සිටින උන් වහන්සේගේ ශරීරය මේ වනවිට විජලන තත්ත්වයකට පත්වෙමින් ඇතැයිද වෛද්‍යවරු පවසති.
තවත් දින කිහිපයක් ඉදිරියට මෙයාකාරයෙන් ගත කලහොත් උන් වහන්සේගේ ජීවිතය අතිශය අවදානම්කාරී තත්ත්වයකට පත්වනු ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.
දින කිහිපයක සිට දළදා මාලිගාව ඉදිරියේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහයෝගය පල කිරීමට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි එම ස්ථානයට අද(02) වැඩම කලේය.
හෙට දහවල් 12 වීමට පෙර බදියුදීන්, හිස්බුල්ලා, අසාද් සාලි යන තිදෙනා දරන තනතුරුවලින් ඉවත් කිරීම සදහා කාලය දෙන බව එහිදී හිමියන් කියා සිටියහ. එම කාලය තුල අදාල කටයුත්ත නොකලහොක් රට පුරා සියළු සංඝයා වහන්සේලා එකතුව අරගලයක් ආරම්භ කරන බවද උන් වහන්සේ කියා සිටියහ.
තව්ජිද් ජමාත් ඇතුළු ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන්ට එරෙහිව අරගල කරන ඕනෑම පාර්ශවයකට කොන්දේසි විරහිතව සහාය දෙන බවද උන් වහන්සේ කීහ.

