අනියම් බිරිඳ මින්නේරියේ කොස්‌තාපල්ගේ රහසඟ කපලා

Spread the love

සිය අනියම් බිරිඳ විසින් පසුගිය දවසක  (10 දා) පොලොන්නරුව, මින්නේරිය පොලිස්‌ ස්‌ථානයට අනුයුක්‌තව සේවයෙහි නියුතු අවිවාහක පොලිස්‌ කොස්‌තාපල්වරයකුගේ රහසඟ තියුණු ආයුධයකින් කපා දමා ඇත.

මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කොස්‌තාපල්වරයා ප්‍රතිකාර සඳහා හිඟුරක්‌ගොඩ ප්‍රාදේශීය රෝහලට සහ පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර ලබාදීමට කොළඹ ජාතික රෝහලට මාරු කොට යවා ඇත.

එදින  (10 දා) සවස 2.30 ට පමණ හිඟුරක්‌ගොඩ, පාලුවැව, ජන උදානගම ප්‍රදේශයේ පිහිටි අනියම් බිරිඳගේ නිවසේදී මෙලෙස ඇය විසින් රහසඟ කපා ඇති බව හිඟුරක්‌ගොඩ පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිය පළමු විවාහයේ සැමියා මියගිය වැන්දඹු කාන්තාව විවාහ කර ගැනීමේ පොරොන්දුව මත කොස්‌තාපල්වරයා දැනට වසරක පමණ කාලයක සිට ඇය සමඟ අනියම් ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගොස්‌ ඇත.

මේ අතර මීට දින කිහිපයකට ඉහතදී එම කොස්‌තාපල්වරයා වෙනත් කාන්තාවක්‌ සමඟ ද ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන යන බව ලද තොරතුරක්‌ මත ඊට උරණවූ අනියම් බිරිඳ සහ කොස්‌තාපල්වරයා අතර අවස්‌ථා ගණනාවකදී බහින් බස්‌ වීමක්‌ ද සිදුවී ඇත.

ඉන් දැඩි ලෙස කෝපයට පත්ව සිටි අනියම් බිරිඳ  (10 දා) සවස්‌ කාලයේ තම නිවසට පැමිණි කොස්‌තාපල්වරයා සමඟ ලිංගික ඇසුරකට සූදානම් වූ අවස්‌ථාවේ ඔහුගේ රහසඟ කපා ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී තිබේ.

අනතුරුව මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව කොස්‌තාපල්වරයාගේ අනියම් බිරිඳ හිඟුරක්‌ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය  (11 දා) හිඟුරක්‌ගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

[rns_reactions]