ලඟම දායකයෙක් දඹුලු නාහිමිගෙන් කෝටි 10ක කප්පමක් ගන්න ගහපු ගේම (වීඩියෝ)

ලඟම දායකයෙක් දඹුලු නාහිමිගෙන් කෝටි 10ක කප්පමක් ගන්න ගහපු ගේම (වීඩියෝ)
Spread the love

ඓතිහාසික රංගිරි දඹුළු රජමහා විහාරස්ථානාධිපති හිමියන්ට ‘ජවාඩ්’ සංවිධානයෙක් යයි කියමින් තර්ජනය කර කෝටි 10ක කප්පම් මුදලක් ඉල්ලු පිරිස විසින් තර්ජනය කරන ලද හඬ පට මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

මුදල් කෝටි 10ක කප්පම් මුදලක් ඉල්ලූ කප්පම්කරුවන් පසුව එය අති විශාල වට්ටමක් ලබා දෙමින් කෝටි 05ක් දක්වා අඩු කර ඇත.

ඒ බව නාහිමියන්ට දැනුම් දුන් අවස්ථාවේදී උන් වහන්සේ එය උපහාසයෙන් බැහැර කර ‘ඔ්න නම් ලක්‍ෂ 05ක් දෙන්නම්’ යයි පැවසූහ.

පසුව පොලීසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලද අතර ඒ සියළු දෙනා විහාරස්ථානයේ ආසන්න පදිංචිකරුවන් වන අතර ප‍්‍රධානියා විහාරස්ථානයේ හිතවතෙකි.