පස්දෙනෙකුට මරු කැඳවමින් 12කට බරපතළ තුවාල සිදුකරමින් සිදු වූ මාරක රිය අනතුර (වීඩියෝ)

පස්දෙනෙකුට මරු කැඳවමින් 12කට බරපතළ තුවාල සිදුකරමින් සිදු වූ මාරක රිය අනතුර (වීඩියෝ)
Spread the love

මඩකළපුව-පොලොන්නරුව මාර්ගලයේ , වැලිකන්ද ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

අද (19) අළුයම 01.45ට පමණ අනතුර සිදුව ඇති බව සදහන්.

මරදන්කඩවල – තිරික්කොන්ඩියාඩිමඩු මාර්ගයේ කොළකනවාඩිය ප්‍රදේශයේදී අනතුර සිදුව තිබේ. වැලිකන්ද දෙසට ගමන් කරමින් තිබූ අත්ට්‍රැක්ටරයක එම දිශාවටම ගමන් කළ වෑන් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සදහන්.

අනතුරින් අත්ට්‍රැක්ටරයේ ගමන් ගත් 05 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.තවත් 12 දෙනෙකු තුවාල ලබා පොලොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව සදහන්.

මියගිය පිරිස අතර කාන්තාවන් සිව් දෙනෙකු වන බව පොලිසිය පැවසුවේය. මියගිය පිරිස වැලිකන්ද- බෝවත්ත ප්‍රදේශයේ පදංචිකරුවන් බව පොලිසිය පවසයි.