පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපතිවරයා ගත් තීරණය අහෝසි කරනලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි 31 සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24) නියම කළේය.
මෙම පෙත්සම විනිසුරු ප්‍රසන්න ජයවර්ධන, විනිසුරු එස්. තුරෙයිරාජා සහ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙනියගෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ දින කැඳවීය
