එල්ලා මරණ තීන්දුව අසා මරණ දඬුවම නියම සිරකරුවෝ භීතියෙන් සිහිසුන් වෙති

එල්ලා මරණ තීන්දුව අසා මරණ දඬුවම නියම සිරකරුවෝ භීතියෙන් සිහිසුන් වෙති
Spread the love

ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කරන්නේ යැයි පුවත ලැබුණු පසු මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් දැඩි තැතිගැනීමකින් පසුවන බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ රදවා සිටින මරණ දඬුවම නියම වූ සිරකරුවන් බලාගත්ත අතේ බලාගෙන සිටින බවත් දැඩි අතරින් පෙනෙන බවත් වෙනදා පැවති ගති පැවතුම් එක්වරම වෙනස් වූ බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

වෙනදා රූපවාහිනිය නරඹමින් සැහැල්ලුවෙන් සිටි ඔවුන් ඊයේ දිනයේ සිත ආහාර පාන නොගෙන සිටි බවත් ඇතැම් සිරකරුවන් ක්ලාන්ත වී ගිය බවත් නිලධාරීහු කියා සිටිති.

මේ වන විට බන්ධනාගාරය මරණ දඬුවම ලැබූ සිරකරුවන් 455 දෙනෙකු රඳවා සිටී. මත්ද‍්‍රව්‍ය ජාවාරම් සම්බන්දයෙන් වරදකරුවන් වී මරණ දඬුයම නියම වී සිටින සිරකරුවන්ට එම දඬුවම ක‍්‍රියාත්මක කිරීම සදහා ජනාධිපතිවරයා විසින් කරන ලද දැනුම් දීම අනුව බන්ධනාගාරය විසින් සිරකරුවන් 18 දෙනෙකුගේ ලයිස්තුවක් ජනාධිපතිවරයා වෙත යවා තිබින.