ආණ්ඩුවේ සිටි වංචා දූෂණ චෝදනා එල්ල වූ කුප්‍රකට මුස්ලිම් ඇමතිලා තිදෙනෙකුට එම තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙසට කළ බලකිරීම හමුවේ ඊට ප්‍රතිචාර වශයෙන් රජයේ සියලුම මුස්ලිම් මැති ඇමතිවරුන් තම මුස්ලිම් ජාතිය සහ ආගම වෙනුවෙන් මහා සංදර්ශනයක් සිදුකොට ඒවායින් ඉවත් වූ අතර දැන් යළි මොවුන් එම මැති ඇමතිකම් ලබාදෙන ලෙසට ඉල්ලා සිඟමනේ පැමිණෙමින් තිබේ.
ඒ අනුව අමාත්‍යධූරවලින් ඉවත් වූ සෙසු මුස්ලිම් මන්ත්‍රිවරුන් 7 දෙනා යළිත් පෙර දැරූ අමාත්‍ය ධූර භාරගැනීමට තීරණය කර තිබේ.
ඊයේ(11) පස්වරුවේ පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදි මෙම තීරණයට එළඹ ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මහත්වරුන්, ජුනි 19 වැනිදා පෙර දැරූ අමාත්‍ය ධුරවල යළි දිවුරුම් දුන්නා.

