රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා රාජ්‍ය අමාත්‍යධුරයෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ යුතු බව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසයි.
රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල කඩිනමින් විභාගයට ගන්නා ලෙස ඉල්ලමින් රාවණා බලය සංවිධානයේ හිමිවරුන් පිරිසක් අද(17) පොලිස් මූලස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් බෞද්ධ සාසනය අතුගාදැමීමේ උත්සහයක නිරත වන බව මාගල්කන්දේ සුදත්ත හිමියන් පෙන්වා දෙයි.
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ පසුගිය දා එල්ල කරනූ ලැබුවේ මරාගෙන මැරෙන බොම්බයක් බවත් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් එල්ල කරනු ලැබුවේ පරමාණු බෝම්බයක් බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් වැඩිදුරටත් පැවසීය.

