ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව ගැලවූ ෆේස්බුක් ආයතනය මෙවර ඉරාජ්ගේ කලිසමත් ගලවයි

ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව ගැලවූ ෆේස්බුක් ආයතනය මෙවර ඉරාජ්ගේ කලිසමත් ගලවයි
Spread the love

ඉරාජ් වීරරත්න විසින් නිරතුරුව සිදුකළ සමාජ විරෝධී ක්‍රියා හේතුවෙන් මීට පෙර ඔහුගේ ෆේස්බුක් පිටුව ගැලවූ ෆේස්බුක් ආයතන මෙවර ඔහුගේ කලිසමද ගලවා ඇති බව ඔහු විසින් අටවා ගත් අලුත් පිටුවේ සඳහන් කර තිබුණේ මෙසේය.

තමාගේ ෆේස්බුක් පිටුව ගැලවූ පසු ඉරාජ් විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේ, රජය විසින් මෙය සිදුකළ බවය. එහෙත් ඊට ඇති සාක්ෂි විමසූ අවස්ථාවේ ඉරාජ් විසින් පැවසූයේ වැල් බයිලාය.

ආණ්ඩුව විසින් ඉරාජ්ගේ පිටුව ගැලවූ බවට ඉරාජ් විසින් සිදුකරන ලද්දේ බොරු රංගනයක් බවත්, ආණ්ඩු විරෝධී ෆේස්බුක් පිටු විශාල සංඛ්‍යාවක් ආණ්ඩුව විසින් ඉවත් කර ඇති බවටත්, විවිධ වැල් බයිලා ගසමින් ඉරාජ් ආණ්ඩුවට එරෙහිව නැඟු චෝදනා කිසිඳු විද්‍යාත්මක පදනමක් හෝ අවම තරමේ තාර්කික කරුණක්වත් නොමැති මනස්ගාත ගොන්නක් බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය සහ ශ්‍රී ලංකා තොරතුරු සංගමය නිවේදනය නිකුත් කරමින් සඳහන් කර තිබුණි.

එවැනි පසුබිමක් තුළ ඉරාජ් විසින් තම ජීවිකාව කරගෙන යෑමට ආරම්භ කළ අලුත්ම ෆේස්බුක් පිටුවත් තම වෘත්තීය කොන්ත්‍රාත් දේශපාලනය වෙනුවෙන් ආණ්ඩුව ඇතුළු විවිධ පුද්ගලයින්ට මඩ ගැසීමට යොදාගැනීමත් සමඟම ෆේස්බුක් ආයතනය ඉරාජ්ට රතු නිවේදන එවා ඇත. මේ අනුව තවදුරටත් ඉරාජ් විසින් ෆේස්බුක් ආයතනයේ ආචාරධර්ම උල්ලංඝනය කරමින් තම දේශපාලන කොන්ත්‍රාත් සිදුකිරීමට යෑමෙන් මෙම පිටුවත් අහිමි වී යෑමේ අවදානමක් පවතී.

එය ෆේස්බුක් ආයතනය සමාජ විරෝධී කටයුතු සිදුකළ ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව ගැලවීමෙන් නොනැවතී දෙවන පිටුවෙන් ඔහුගේ කලිසමද ගලවා, ඉතුරු වූ ජංගි කැබැල්ලද ඔලුවෙන් ගැලෙව්වාක් මෙන් වනු ඇත.