ජපානයේ ජනගහනය ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බව නවතම සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
මෙම තත්වයෙන් මිදීමේ අරමුණ ඇතිව වැඩිපුර දරුවන් හදා ගැනීම සඳහා ජපන් ජනතාව දිරි ගැන්වීමට ජපන් ආණ්ඩුව විවිධ ව්‍යාපෘති දියත්කර තිබේ.
ජපානයේ තනිකඩ තරුණ තරුණියන්ට විවාහවීම සඳහා මනාලයන් සහ මනාලියන් සොයාදීමේ වැඩසටහන එම ව්‍යාපෘති අතර එක් අංගයකි.
ජපානයේ වත්මන් ජනගහනය මිලියන 126ක් වන අතර නවතම සංඛ්‍යා ලේඛන සඳහන් කරන්නේ ජපානයේ අඩසියවසක් තුළ වාර්තා වී ඇති තුන්වැනි අඩුම ජනගහන අගය මෙය බවය.
වාර්ෂික දරු උපත් ප්‍රමාණය පහත වැටීම මේ ආකාරයෙන්ම පැවතුනහොත් වසර 2065 වනවිට ජපානයේ ජනගහනය මිලියන 88ක් දක්වා පහත වැටිය හැකිබවට අනුමාන කෙරේ.
2050 වන විට ජපානයේ ජනගහනයෙන් 40% කට ආසන්න ප්‍රමාණයක් වයස අවුරුදු හැටපහක් හෝ ඊටත් වැඩි වයස් කරුවන් විය හැකි බව ජනගහනය සම්බන්ධයෙන් ජපන් ආණ්ඩුව විසින් සිදු කරන ලද සමීක්ෂණ මගින් ඇස්තමේන්තු කරනු ලැබ ඇත.
එවැනි ජනගහන රටාවක් ප්රතිවිපාකය වන්නේ මහලු වැඩිහිටි පරපුර නඩත්තු කිරීම සඳහා සිදු කරන වියදම් ඉතා අධිකවීමය