දියණිය කෙළසා ඔහුගේ මිතුරෙකුට දියණිය බිලි දුන් නරුම සුළු පියෙක්‌

දියණිය කෙළසා ඔහුගේ මිතුරෙකුට දියණිය බිලි දුන් නරුම සුළු පියෙක්‌
Spread the love

අඹුසැමි ආරවුලකින් පියා වෙන් වී යැමෙන් පසුව මවගේ සෙවණේ ජීවත් වූ අවුරුදු 14 ක දැරියක්‌ මවගේ අනියම් පුරුෂයා අතින් කෙළිසී ගැබිනියක්‌ බවට පත්වීමේ ෙ€දජනක පුවතක්‌ බළන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයෙන් වාර්තා වේ.

පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇති තොරතුරු අනුව සිද්ධිය මෙසේය. බිරිඳ, සිවිල් ආරක්‍ෂක භටයකු සම`ග අනියම් ඇසුරක්‌ පැවැත්වීම නිසා හට ගත් අර්බුදයෙන් පසු සැමියා තණමල්විල ප්‍රදේශයේ පදිංචියට ගියේය. ඒ වන විට අවුරුදු 14 වයසැති දැරිය මව භාරයේ සිටි අතර පසුව මව තම අනියම් සැමියා සමග එකට නිවසේ ජීවත් විය. ඒ අතරේදී සුළුපියා එම දැරිය පොළඹවා ගෙන අඹුසැමියන් සේ හැසිරී ඇත. දැරිය පාසල් යැමට මුදල් නොමැති වූ දිනක නිවසේ රැඳී සිටියදී පැමිණි සුළු පියා ඔහුගේ මිතුරකු වූ පලතුරු වෙළෙන්දෙක්‌ නිවසට කැඳවාගෙන විත් ඔහු සම`ග අඹුසැමියන් ලෙස හැසිරීමට දැරියට බලකර ඇත. ඇය ඊට අකැමැති වූ පසු රෙදි වැලේ ලණුව ලිහා දැරිය ඇඳට තබා බැඳ ඇයට අතවර කිරීමට නරුම මිතුරාට අවස්‌ථාව සලසා දී ඇත.

 ඉන්පසු වද වේදනාවට පත් වූ දැරිය මවටත් හොරෙන් පියා සොයා ගොස්‌ සිද්ධිය පවසා තිබේ. ඔහු දියණියද සම`ග ගොස්‌ මොනරාගල පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු දැරිය රෝහල් ගත කර ඇත. එහිදී ඇය ගැබිනියක්‌ බවට අනාවරණය වූ බැවින් ඇඹිලිපිටිය විශාකා ළමා නිවාසයට ඇතුළත් කර තිබේ. මෙහිදී අනියම් සැමියා හා දැරියගේ මව පොලිසියෙන් සොයා ගියත් ඔවුන් ප්‍රදේශයෙන් පලා ගොසිනි.

 අනියම් පුරුෂයාගේ මිතුරා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන බළන්ගොඩ මහෙස්‌ත්‍රාත් බී. ජයරුවන් දිසානායක මහතා හමුවට ඉදිරිපත් කළේ ස්‌ත්‍රී දූෂණ චෝදනාව මතය. මොහු රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

 දැරියගේ මව හා අනියම් පුරුෂයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්‌ත්‍රාත්වරයා පොලිsසියට නියෝග කළේය.

 බළන්ගොඩ පොලිසියේ වැඩ බලන ස්‌ථානාධිපති පො. ප. ලෝරන්ස්‌ ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ පරිදි කාන්තා පොලිස්‌ පරීක්‍ෂිකා පාලිකා රාජපක්‍ෂ, පො. කො. (39448) නුවන් යන මහත්ම මහත්මීන් පරීක්‍ෂණ සිදු කරති. දැරියගේ මව අනියම් සැමියා සම`ග තැන්න, කල්තොට හොරකැටිය යන ප්‍රදේශවල කුලී නිවාසවල ජීවත් වූ බවට තොරතුරු අනාවරණය විය.