දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහ සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 60 ත් 65 දක්වා ක්ෂණිකව ඉහළ යෑමේ හැකියාවක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මන්නාරම, යාපනය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තරමක් තද වැසි අපේක්ෂා කරන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකිය. අකුණු මගින් ඇතිවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
වැසි සහ සුළං ඉදිරි දිනවලත්
