මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් ජිවිත ගණනාවක් රටට අහිමි වුනා.
මේ මල සිරුරු, ආණ්ඩුවේ මැදිහත්වීම මත අවසන් කටයුතු සිදු කර ඇත. නමුත් ජනතාව පවසන්නේ ආණ්ඩුවෙන් ලබා දී ඇති මිනි පෙට්ටි ඉතාමත් බාලම තත්වයේ පවතින බවයි.
සමහර මිනි පෙට්ටි වල ලෑලි ගැලවී ගොස් ඇත. එමෙන්ම සමහර මිනි පෙට්ටිවල ලෑලි ගැලවෙන බැවින් එම පෙට්ටි වටා රෙදි පටි පවා ඔතා ඇති බව අපට දැක ගත හැක.
මේ සිදුවීම හරහා කාරනා දෙකක් වටහා ගත හැක.
එනම් මේ අසරණ ජනතාව සත පහකට ගණන් නොගෙන ආණ්ඩුව කිසිදු වගකීමකින් තොරව ඉතාමත් අඩු වටිනාකමකින් යුතු මිනි පෙට්ටියක් ඔවුන්ට සුදුසු යැයි සිතුවාද?
එසේත් නැති නම් ආණ්ඩුව විසින් නියමිත වටිනාකමක් ලබා දුන්නත් මිනි පෙට්ටි සාප්පුව බාල මිනි පෙට්ටි සපයා අධික ලාභයක් ලැබුවාද?
[rns_reactions]

