වැලි අංගේට සංවිධායක කමයි, සභාපතිකමයි දෙකම එකපාර හම්බ වෙයි

වැලි අංගේට සංවිධායක කමයි, සභාපතිකමයි දෙකම එකපාර හම්බ වෙයි
Spread the love

හෝමාගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරය නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පත් කර තිබෙනවා. නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා මේ වනවිට ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරද හොබවමින් මෙතෙක් කාලයක් පුරාවටම අඩුපාඩුවක්ව පැවති ස්වේච්ඡා සේවයේ නියුතු තරුණ, තරුණියන් සඳහා ශ්‍රීලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය මේ වනවිට පිහිටුවා තිබෙනවා. එය ඊයේ දින නිලවශයෙන් එළිදක්වනු ලැබුවා.

එමෙන්ම හෝමාගම එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ධූරයට නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පත් කිරීමත් සමගම හෝමාගම සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධූරයටද නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා පත් කර තිබෙනවා.