ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවන දිනය මැතිවරණ කොමිසම රැස්වී තීරණය කරන බවත්, ඒ පිළිබඳව දිනයක් තමාට ප‍්‍රකාශ කළ නොහැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා පෙරේදා(03) පැවසීය.
නොවැම්බර් 15 වැනිදා හා දෙසැම්බර් 7 වැනිදා අතර දිනයක් නාම යෝජනා කැඳවීමට යොදා ගන්නා බව ද හෙතෙම පැවසීය.
කළුතර දිසා ලේකම් කාර්යාලයේ පැවති මැතිවරණ කටයුතු පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවකින් පසුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එසේ කීය. ඡුන්දයේ වටිනාකම නිලධාරීන් වටහා ගන්න ඕනෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ ජනතාවගේ අයිතියක්. ඡුන්දය කියන්නේ එක් කොටසකට බලය පැවරීමයි. ජනතාවගේ අයිතිය ආරක්ෂා කරමින් කළ යුතු දේ කරන්නත් නොකළ යුතු දේ නොකිරීමත් මැතිවරණ නිලධාරීන්ගේ වගකීමයි. සිය රාජකාරිය පි‍්‍රයමනාපව සතුටින් කිරීමට ඔබ කටයුතු කරන්න ඕනෑ.
ඉදිරි මැතිවරණයේදී දිස්ති‍්‍රක් මට්ටමින් පැමිණිලි කමිටු ස්ථාපිත කරනවා. දිසාපති, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් හා නියෝජ්‍ය පොලිස්පතිවරයා නම් කරන නිලධාරීන් තිදෙනකුගෙන් ඒ පැමිණිලි කමිටු නම් කරනවා යැයි ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීය.
ජනපතිවරණයට නාම යෝජනා කැඳවීමට මැකෝ දින දෙයි
