සුරූපි තෙරපිවරියන් බෙදා ගන්න බැරිව ගිය සුපිරි වලියක්..

සුරූපි තෙරපිවරියන් බෙදා ගන්න බැරිව ගිය සුපිරි වලියක්..
Spread the love

මීගමුව ඒත්තුකාල සංචාරක පුරයේ පිහිටි සම්භාහන මධ්‍යස්‌ථානයක සේවය කරන සුරූපි තරුණියන් (තෙරපිවරියන්) බෙදා ගැනීම සඳහා එම මධ්‍යස්‌ථාන හිමියා සහ එහි කළමනාකරු අතර වූ ගැටුමක ප්‍රතිඵලයක්‌ වශයෙන් කොන්ත්‍රාත්තුවක්‌ මත එම මධ්‍යස්‌ථාන හිමියා කපා කොටා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක්‌ මීගමුව සංචාරකපුරයෙන් වාර්තා වේ.

මෙම සිද්ධිය පිළිබඳව මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක උදය කුමාර වුඩ්ලර් මහතාගේ අධීක්‌ෂණය මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක ජයනන්ද මහතා සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ තොරතුරු අනුව එම ස්‌ථානයේ සේවය කරන තරුණියන් (තෙරපිවරියන්) පිළිබඳ ප්‍රශ්නය එහි හිමිකරු සහ එහි කළමනාකරු අතර කලක පටන් තිබී ඇති බවයි.

එම සම්භාහන ආයතනය වෙත පසුගියදා ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක්‌ එම ආයතනයට අලුයම තුනට පමණ ඇතුළු වී එහි හිමිකරුට යකඩ පොලුවලින් පහරදී තියුණු අවිවලින් කපා කොටා පළාගොස්‌ ඇත. පසුව වහා පැමිණි මීගමුව පොලිසිය ඒ අසල තිබූ සී.සී.ටී.වී දර්ශන වලින් මෙම සාහසික ක්‍රියාවේ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර තුවාලකරු වහා රෝහල්ගත කර ඇත.

එම සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශන පවත්වා පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන් වන ත්‍රිරෝද රථ රියෑදුරු බටහිර දුම්මලදෙණිය පදිංචි 48 හැවිරිදි තැනැත්තා, වෙන්නප්පුව උල්හිටියාව පදිංචි තැනැත්තා, සහ බටහිර දුම්මලදෙණිය පදිංචි තැනැත්තා, මීගමුව වැඩ බලන මහෙස්‌ත්‍රාත් කේ.ජී. ගුණදාස මහතා හමුවට පැමිණවීමෙන් පසු ඔවුන් මේ මස 5 වැනිදා දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම කොන්ත්‍රාත්තුව ලබාදුන් බව කියන එම ආයතනයේ කළමනාකරු පලාගොස්‌ සැඟවී ඇත. ඔහු සහ තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්‌ෂණ පැවැත්වේ.

මෙම වැටලීම මීගමුව අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක ජයනන්ද, උප පොලිස්‌ පරීක්‌ෂක චාමර ප්‍රදීප්, කොස්‌තාපල්වරුන් වන (45148) පෙරේරා, (88256) සඳුන් සහ (5883) නවරත්න බණ්‌ඩාර යන මහත්වරු සහභාගිවූහ.