ඩයනාගේ පුතු අවුරුදු 20ක් මානසික බිදවැටීමක

Spread the love

සිය මව වූ ඩයනා කුමරියගේ අභාවයෙන් අනතුරුව විසි වසරක් මුළුල්ලේ ඇය පිළිබඳව “කිසිවක් නොසිතා සිටීමට” දැරූ උත්සාහය අසාර්ථක වූ බවත් ඉන් අනතුරුව  මානසික උපදේශන සේවාවල පිහිට පැතූ බව හැරී කුමරු පවසනවා.

ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව අනාවරණය කළ  හැරී කුමරු, විසි වැනි වියේ අගභාගයට පමණ එළැඹෙන තුරුම ඒ වේදනාව සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගත් බවත් සඳහන් කළා.

ඒ අතරවාරයේ තමන්ගේ ජිවිතයේ  වසර දෙකක් “තනිකරම අවුලක්” වූ බවත් ඔහු පැවසුවා.

තමන් එක් අවස්ථාවක  “සම්පූර්ණ මානසික බිඳවැටීමක” ආසන්නයටම පැමිණි බවත් හැරී මෙහිදී පිළිගත්තා.

එහෙත් උපදේශන සේවාවල පිහිට පැතීමෙන් අනතුරුව සිය මානසික කඩාවැටීම යථා තත්වයට පත් වූ බවපැවසූ හැරී, මානසික සෞඛ්‍ය ගැටළු පිළිබඳව බ්‍රිතාන්‍යය වැනි සමාජයක පවතින පසුගාමී ආකල්ප බිද දැමීමේ අරමුණින් තමන් මුහුණදුන් මානසික ගැටළු පිළිබඳව විවෘතව අදහස් දැක්වීමට තීරණය කළ  බව පැවසුවා.