5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු අද ප්‍රකාශයට පත් කෙරිණ. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, මාතලේ, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු ලෙස සටහන් වන්නේ 159 කි.
එම දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණ 154 වේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ 157 ක්, ලෙසත් රත්නපුර දිස්ත්‍රික්කයේ 156 ක් ලෙසත් කඩඉම් ලකුණු සීමාව නම් කර තිබේ.
අනුරාධපුර, පොලොන්නරුව සහ බදුල්ල දිස්ත්‍රික්කවල කඩයිම් ලකුණ 155 කි.
අම්පාර, ත්‍රිකුණාමලය, පුත්තලම සහ මොණරාගල දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණ 154 ක් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඩඉම් ලකුණ 153 ක් වන අතර ලකුණු 147 වව්නියා සහ මුලතිව් දිස්ත්‍රික්කවල කඩඉම් ලකුණ වේ.
අද දහවල් නිකුත් කෙරුණු 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි ය.