තනි රෝදයෙන් යතුරුපැදිය ධාවනය කළාට දඩය 50,000ක්‌

තනි රෝදයෙන් යතුරුපැදිය ධාවනය කළාට දඩය 50,000ක්‌
Spread the love

අපරීක්‌ෂාකාරී ලෙස යතුරුපැදියක්‌ තනි රෝදයෙන් ධාවනය කිරීම සහ රියෑදුරු බලපත්‍රයක්‌ නොමැතිව රිය ධාවනය යන චෝදනා දෙකට වරදකරු වූ යතුරුපැදිකරුට රුපියල් 50000 ක දඩයක්‌ මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා නියම කළේය.

දෙවළපොල, බලබෝව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන හෙට්‌ටිආරච්චිගේ සිනෙත් දීපන නමැති යතුරුපැදිකරුට මෙසේ දඩ නියම වූ අතර මිනුවන්ගොඩ පොලිසියේ රථ වාහන අංශයේ පො. කො. ප්‍රේමරත්න (73130) නිලධාරියා පැමිණිල්ල මෙහෙය විය.