සෙල්ලකතරගම ගණදෙවි කෝවිල ජලයෙන් යටවෙයි..

සෙල්ලකතරගම ගණදෙවි කෝවිල ජලයෙන් යටවෙයි..
Spread the love

මේ දිනවල කතරගම ඇතුළු දකුණ හා ඌව පළාත්වලට මහ වැසි ලැබීම මත සෙල්ල කතරගම ගඟේ දේවාලය හෙවත් ගණදෙවි කෝවිල ජලයෙන් යටවී පවතියි. දින 04 ක්‌ පුරා දකුණු හා ඌව පළාත්වලට පවතින මහා වැසි මුල්කර ගෙන වෙහෙරගල ජලාශයේ ද වාන් දොරවල් විවෘත කර ඇත. මැණික්‌ ගඟේ ජලය විශාල ලෙස ගලා යමින් පවතියි.

මෙම වැසි නිසා කතරගම නාගහවීදිය ගමට අයත් නිවාස කීපයක්‌ ජලයෙන් යටවී පවතින අතර කතරගම ප්‍රදේශයේ ඇති වැව් සියල්ල වාන් දමමින් පවතියි.

පවතින නිවාඩුව මත විශාල බැතිමතුන් පිරිසක්‌ කතරගම පුදබිමට පැමිණෙන අතර රුහුණු මහා කතරගම දේවලය වැඳපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ට කිසිදු අවහිර බාධාවකින් තොරව කිරිවෙහෙර හා දේවාල වැඳපුදා ගැනීමට හැකි බව රුහුණු මහා කතරගම දේවලයේ බස්‌නායක නිලමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතා පැවසීය.

සෙල්ලකතරගම ගණදෙවි දේවාලය මැණික්‌ ගඟ තුළ පිහිටා ඇති අතර සෑම වසරකදීම මැණික්‌ ගඟේ ජලය වැඩි වන විට මෙම ගණදෙවි දේවාලය ජලයෙන් යටවීම සිදු වේ.

පවතින වැසි හේතුවෙන් මැණික්‌ ගඟේ ජලය වැඩිවෙමින් පවතින බැවින් මැණික්‌ ගගට බැසීමෙන් වළකින ලෙස කතරගම පොලිසිය පැමිණෙන බැතිමතුන් ගෙන් හා කතරගම ප්‍රදේශවාසීන් ගෙන් ඉල්ලා සිටිති.