චම්පිකගේ අපරාධය සැගවූ පොලිස් ලොක්කන් තුනකට වැඩ වරදී..

චම්පිකගේ අපරාධය සැගවූ පොලිස් ලොක්කන් තුනකට වැඩ වරදී..
Spread the love

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඇමති චම්පික රණවක අතින් සිදු වූ බව කියන රිය අනතුර සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඉදිරි දිනවලදී පොලිස් නිලධාරීන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත යයි වාර්තාවේ.

2016 වසරේ මෙම අනතුර සිදුවූ පසු රියදුරු ලෙස වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කළ බවට චෝදනා කරමින් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් නැවත විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

මෙම සිදුවීම් විමර්ශනය සඳහා වෙනත් පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයෙකු වහා යොදවා ඇති බව හෙළිව ඇති අතර එම අනතුර යට ගැසීම සඳහා ඉහල පොලිස් නිලධාරීන් දෙදෙනකු නියෝග කර ඇති බව නීතිපතිවරයා විසින් අධිකරණයට වාර්තා කර තිබිණි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් සහ ඉහළ පොලිස් නිලධාරියෙකුට මෙම චෝදනා එල්ල වී තිබෙන අතර ඔවුන් අවශ්‍යතාවය මත අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවද ආරංචි මාර්ග කියා සිටී.