වැඩ බැරි ඇමති චම්පිකගේ මඩ ගැසීමේ සහ ගසා ඇනගත් පසු ගැලවීමේ කලාව

Spread the love

වත්මන් යහපාලන රජය යටතේ අළුත් අමාත්‍යංශයක් නිර්මාණය කරගෙන වසර දෙක හමාරයක් ගත වුවද දැනෙන එකඳු වැඩක්වත් කරගත නොහැකි වැඩ බැරි ටාසන් කෙනෙකු වූ මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පිකගේ තවත් කුප්‍රකට පාදඩ වැඩක් අතේ මාට්ටු වී ඇත.

ඒ ඇමති චම්පිකගේම කලාවියේ එකෙකුගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක චම්පිකගේ මාධ්‍ය(මඩ) ඒකකය විසින් චම්පිකගේ ඊනියා දේශපාලන සිහිනයට අභියෝගයක් වන සහ ඔහුගේ කොමිස් ගැසීමට බාධාවක් වන වෙනත් ව්‍යාපෘතීන් ඉදිරිපත් කරන රජයේම මැති ඇමතිවරුන්ට මඩගැසීම සිදුවේ. ඊට ඇති හොඳම සාක්ෂිය නම් චම්පිකගේ “හරි ගොසිප්” වෙබ් අඩවිය විසින් තම හාම්පුතාගේ නියෝග මත සැලසුම් සහගතව (සාක්ෂි සහිතයි) බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාට එරෙහිව එල්ල කරන ලද මඩ ප්‍රහාරයයි.

බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය ගෙන එන ලද කසල ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය හරහා තමාට කොමිස් මුදලුත්, කීර්තියත් නොලැබෙන බව අවබෝධ කරගත් නමට මෙගා පොලිස් අමාත්‍යංශයේ ඇමති පාඨලී චම්පික විසින් තම මාධ්‍ය සට්ටැඹියාට නියෝග කොට මහ ඇමති ඉසුර දේවප්‍රියට එරෙහිව 2016 ඔක්තෝම්බර් 18 වනදා මෙම මඩ මාධ්‍ය මෙහෙයුම අරඹා ඇත.

ඊට අදාළව එදා චම්පිකගේ ගොසිප් අඩවියේ පළකළ පුවත මෙම කුණු කන්දේ නායයාම පත්තු වීමත් සමඟම මේ වන විට ගලවා ඉවත්කොට ඇත. එහෙත් අපි සංරක්ෂණය කරගත් එම සම්පුර්ණ පුවත කිසිඳු සංස්කරණයකින් තොරව පහත පළකර ඇත. මීතොටමුල්ලේ කුණු කන්ද ඉවත් කිරීම වෙනුවෙන් මහ ඇමති ඉසුර දේවප්‍රිය ගෙන ලද එම කසල ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය එදා ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබාදුන්නානම් අද මෙම ව්‍යසනය නොවන්නට ඉඩ තිබුණි.

“බල්ලා පිඳුරු කන්නෙත් නැහැ; කන ගොනාට දෙන්නෙත් නැහැ” කියන්නාක් මෙන් වැඩ නොකරන ඇමති චම්පික තම 2020 -2025 දේශපාලන සිහිනයට අභියෝගයක් වන පුද්ගලයින්ට මඩ ගසමින් ජනතාවගේ ජීවිතත් ආණ්ඩුවේ පැවැත්මත් අනතුරේ හෙලමින් සිටී.

[pdfviewer width=”640px” height=”849px” beta=”true/false”]http://supirigossip.com/wp-content/uploads/2017/04/%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB-%E0%B6%B8%E0%B7%84-%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92-%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9-%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A-Exclusive-HARI-GOSSIP.pdf[/pdfviewer]

[rns_reactions]