කොහොමද.. වෙනස දැන් සැපද..? වතුර බිල අද ‌හෙට ඉහළට..! දැන් කාලත් ඉවර එකේ පුළුවන්නම් නාලා වරෙන්කෝ…

කොහොමද.. වෙනස දැන් සැපද..? වතුර බිල අද ‌හෙට ඉහළට..! දැන් කාලත් ඉවර එකේ පුළුවන්නම් නාලා වරෙන්කෝ…
Spread the love

ඉදිරි දින කිහිපය තුළ ජල ගාස්තු නියත වශයෙන්ම ඉහළ දැමීමට රාජපක්ෂ පවුල් ආණ්ඩුව සූදානමින් සිටින බවට වාර්තා ‌වේ.

වසරක් පාසා ජල ගාස්තු ඉහළ නැංවිය යුතු වුවත් පසුගිය වසර 03ක් පුරා ජල ගාස්තු ඉහළ දමා ‌නොමැති බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාද පසුගිය සතියේ අනාවරණය කර සිටියේය.

පසුගිය කාලය පුරාවටම රාජපක්ෂ පවුල් සමාගමේ ප්‍රධානියා වන මහින්ද රාජපක්ෂ මහතා වේදිකාවක් වේදිකාවක් ගානේ අඩියක් ගැසූවාක් මෙන් ඇසූයේ “කොහොමද..? වෙනස දැන් සැපද..? වෙනස දැන් සැපද..? කියාය.

ජනාධිපතිවරණයේදී පවා හිටපු ජනපති, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ රැළිවලදී බයි ටෝකින් වලින්ම අසා සිටියේ, කොහොමද..? දැන් වෙනස සැපද..? ආහ්… දැන් රතු ලූණු කොහොමද..? බොම්බයි ලූණු එහෙම කෑවද..? බොම්බයි ලූණූ කීයද..? ආහ්… ලූණූ ගෙඩි කොහොමද..? හාල් කීයද..? වෙනස සැපද..? සැපයි නේ.. කියාය.

එලෙස බයි ටෝකින් වලින් නක්කලය දමමින් පැමිණි මහින්ද රාජපක්ෂටම දින 50ක් ගත වීමටත් මත්තෙන් තමා ගැලරියට ගැසූ බයිලා අද තමාටම පාරා වලල්ලක් වී ඇත.

මහින්ද මහත්තයා අහනවා සැපද කියලා ? සැපද කියන්න මිත්‍රවරුණී ..

Posted by සිංහ ලෝකයේ සිංහයා on Friday, December 13, 2019