ජෙනිෆර්ගේ ‘උණුසුම් විලාසිතාව’ අනුකරණය කළ ප‍්‍රියංකා ‘නෝන්ඩි’ වෙලා

ජෙනිෆර්ගේ ‘උණුසුම් විලාසිතාව’ අනුකරණය කළ ප‍්‍රියංකා ‘නෝන්ඩි’ වෙලා
Spread the love

‘අනුකරණය’ එහෙම නැතිනම් ‘කොපි කිරීම’ ඒ තරම්ම නරක දෙයක් නෙමෙයි. ඒත් ඒක හරියට කළොත් විතරයි ‘ලකුණු’ වැටෙන්නේ. නැතිනම් වෙන්නේ ‘නෝන්ඩි’ වෙන්න.

බොලිවුඩ් නිළියෝ හොළිවුඩ් නිළියෝ අනුකරකරණය කරනවා කියලා පසුගිය කාලේ ලොකු ආන්දෝලනයක් සිදු වුණා. ඒක අවුලක් වෙන්නේ හොළිවුඩයේ තියෙන සංස්කෘතිය බොලිවුඩයේ නැහැ. හොලිවුඩ් කලාවක් වගේම ව්‍යාපාරයක් වුණත් බොලිවුඩ් කියන්නේ ‘දේවත්වයක් ’ ආරෝපණය වුණ තැනක්. ඉන්දියානුවෝ බොලිවුඩ් තරුවලට දෙවියන්ට වාගේ සලකනවා.

මේ අවුල වුණේ සුපිරි බොලිවුඩ් නිළි ප‍්‍රියංකා චොප්රාට.

පසුගිය දා පැවැති ‘ග‍්‍රෑමී’ සම්මාන උළෙලට හොලිවුඩ් නිළියන්ට වගේම බොලිවුඩ් නිළියන්ටත් ආරාධනා ලැබුණා. ඒ අතර ප‍්‍රියංකා චොප්රාත් හිටියා.

කොහොම හරි මේ සම්මාන උළෙලට ප‍්‍රියංකා ‘ටිකක්’ නෙමෙයි ‘හොදටම’ අවුල් විලාසිතාවකින් සැරසිලා පැමිණියා. බටහිරට මේක අවුලක් නොවුණත් ඉන්දියාවට නම් වැඩේ අවුල්ම අවුල් වුණා. ඒත් අවුල ඒක නෙමෙයි. ප‍්‍රියංකා අනුකරණය කළේ මීට අවුරුදු 20ක් පමණ පැරණි විලාසිතාවක්. හරියටම කිව්වොත් 2000 දී පැවැති ග‍්‍රැමී සම්මාන උළෙලට සුරූපි හොලිවුඩ් නිළි ‘ජෙනෆර් ලෝෆෙස්’ සැරසී ආ ‘අඩ නිරුවත්’ විලාසිතාව තමයි දශක දෙකකට පස්සේ ප‍්‍රියංකා ‘අමු අමුවේම’ කොපි කළා කියන්නේ.

එදා ජෙනෆර් සැරසී සිටියේ පපු පෙදෙසින් සැලකිය යුතු ප‍්‍රමාණයක් නිරාවරණය වුණ නාභියෙනුත් පහළට ඉණ ප‍්‍රදේශය දක්වාම නිරාවරණය වුණ ලා කොළ පැහැ ගවුමක්. එදා, 2000 ග‍්‍රැමි සම්මාන උළෙළ දා ජෙනිෆර්ගේ මේ අඩ නිරුවත් විලාසිතාව දැඩි ආන්දෝලනයක් ඇති කළා. ඒත් තවත් ටික දිනකින් එය හොලිවුඩයේ ‘සංකේතාත්මක විලාසිතාවක්’ බවට පත් වුණ අතර හොලිවුඩ් සුරූපිනියන් බොහෝ දෙනෙක් බොහෝම ‘ප‍්‍රවේශමෙන්’ එය අනුකරණය කළා.

බොලිවුඩ් නිළිය පසුගිය දා මේ සංකේතාත්මක වැදගත්කම වගේම ජෙනෆර් රසිකයින්ගෙත් හිත් බින්දා. ඔවුන් ප‍්‍රකෝපයට පත් කළා.

Image result for priyanka chopra and jennifer lopez dress

ඉතිං, වුණේ මේකයි. ප‍්‍රියංකා ජෙනිෆර්ව අනුකරණය කරමින් සුපු පැහැති ‘ජෙනෆර් පන්නයේ’ ගවුමකින් සැරසී ග‍්‍රෑමී සම්මාන උළෙලට ආවා. හංස ධේනුවක් වාගේ පැමිණි ප‍්‍රියංකා කාගෙත් නෙත් සිත් පැහැර ගත්තේ ඇය ජෙනිෆර්ටත් වඩා අඩියක් දෙකක් පෙරට පැමිණ සිටි නිසයි. ඒ නිසා කැමරාකරවෝ හිතේ හැටියට ප‍්‍රියංකාව ඡුායාරූපයට නැගුවා.

වැඩේ අවුල් වුණේ ඒවා සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙන්න පටන් ගත් විටයි. සුචරිතවාදී ඉන්දියානුවෝ කෝපයෙන් දැවෙද්දී ජෙනිෆර් ලෝලීන්ට උන්හිටි තැන් අමතක වුණා. ‘මේක මොන නින්දාවක්ද ?’ ‘මේ මොන විකාරයක් ද ?’ ඔවුන් සමාජ මාධ්‍ය උණුසුම් කරමින් සිය අප‍්‍රසාදය පළ කළා.

‘ජෙනිෆර්ගේ විලාසිතාවක් ඇගලා ගත්තත් ප‍්‍රියංකාට ජෙනිෆර්ගේ අහලකටවත් ළං වෙන්න බැහැ’ ඔවුන් එක හඬින් කිව්වා.