සජිත් තම ජනපති සිහිනයට රැකියා නැති තරුණයින් බිලි දුන් බවට චෝදනා

සජිත් තම ජනපති සිහිනයට රැකියා නැති තරුණයින් බිලි දුන් බවට චෝදනා
Spread the love

හිටපු නිවාස අමාත්‍යවරයා පසුගිය කාලයේ වගකීම් විරහිතව කටයුතු කල බවත්, තමන්ගේ ජනාධිපති සිහිනය පෙන්වමින් දරුවන්ට තාවකාලික පදනම මත කොන්ත්‍රාත් පත්වීම් ලබාදුන් බවත් නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස නීතීඥ සරණ කරුණාරත්න මහතා වැඩ භාර ගැනීමේ  උත්සවයට අද (13) දින සහභාගී වෙමිණි. මෙම උත්සවය  කොළඹ පිහිටි සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ  ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 

පසුගිය රජය රාජ්‍ය නිලධාරීන් පැත්තකට දමා, පරිසරය ගැන නොසිතා රජයට අවශ්‍ය විදියට කටයුතු කල බවත්, රාජ්‍ය නිලධාරීන්ට ඇහුම්කන් දී ජනතාවත්, පරිසරයත් ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීම වත්මන් රජයේ දැක්ම බවත්, නිවාස පහසුකම් ගරු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

පක්ෂයකට හොද කශේරුකාවක් තිබිය යුතු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එය ඇති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද කලින් හොද කශේරුකාවක් තිබූ බවත් පැවසූ අමාත්‍යවරයා, එම නිසා පක්ෂ දෙකම වෙනම කරග කර එකතු වීම තුළින් විශාල බලවේගයක් ගොඩනැගිය හැකි බවත් සදහන් කරයි.

හිටපු නිවාස අමාත්‍යවරයාපසුගිය කාලයේ වගකීම් විරහිතව කටයුතු කල බවත්, තමන්ගේ ජනාධිපති සිහිනය පෙන්වමින් දරුවන්ට තාවකාලික පදනම මත කොන්ත්‍රාත් පත්වීම් ලබාදුන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.