චන්ද්‍රිකාට අත්තනගල්ලත් නැති වෙයි

චන්ද්‍රිකාට අත්තනගල්ලත් නැති වෙයි
Spread the love

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ධුරයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉවත් කිරීමට ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

චන්ද්‍රිකා මහත්මිය ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කළ ද, ඇයගේ අනුශාසක ධුරය තවදුරටත් පවතින බවත් අත්තනගල්ල ආසනයේ වැඩ බලන සංවිධායක ලෙස රාජ්‍ය කළමනාකරණ සහ ගිණුම් කටයුතු රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පත් කළ බවත් පක්ෂයේ මහ ලේකම්, කර්මාන්ත රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.