හිමේෂ් ගැන බොලිවුඩයේ තිබෙන්නේ ‘බොහොම ධනාත්මක’ ප‍්‍රතිරූපයක් වුණත් ඔහුට එරෙහිව චෝදනාවක් (කුහක යැයි සිතෙන) තිබෙනවා. ඒ හිමේෂ් ‘ලිංගිකත්වය උද්දීපනය වන විදිහට නිතරම හැසිරෙනවා විතරක් නෙමෙයි ඔහුගේ ගීතවල විෂුවලුත් අනවශ්‍ය ලෙස ලිංගිකත්වය උද්දීපනය වන ආකාරයෙන් දක්නවවා’ කියලා.

කැලේ පිපුණු මල් කැලේම පරවෙලා යනවා’ කියලා කතාවක් අපි අතරේ තියෙනවා. ඒ කියන්නේ දක්ෂතා තියෙන අය ඒ දක්ෂතා එළි දක්වන්න කිසිම අවස්ථාවක් නොලබා ජීවත් වෙනවා කියන එක. පුද්ගලයෙක් … පවුලක්… රටක්… ලෝකයක් විදිහට ගත් විට මේ ආකාරයෙන් ‘කැලේ ම පිපිලා කැලේම පරවෙලා ගිය මල් ’ ගණනක් කළ නොහැකි තරම් බව කවුරුත් දන්නවා.
ඒත්, ලක්ෂ කෝටි ගණනක දෛවය එහෙම වුණත් ‘ඉදහිට‘ කැලේ පිපුණ මල් මුළු ලෝකයක් සුවද කරන තත්ත්වයට පත්වෙනවා.
‘ඔහු කැලේ පිපිණු මල් ලෝකය හමුවට ගෙන විත් ඒවායින් මුළු ලෝකයම සුවදවත් කළ උතුම් මිනිහෙක්’ හින්දි සගරාවක පළ වුණ සටහනක සිංහල පරිවර්තනය ඒ ආකාරයෙන් සකස් කළ හැකියි.

තවත් අටුවාටීකා අවශ්‍ය නැහැ. අපි ලියන්න යන්නේ අපි කවුරුත් දන්න විහිට ‘රානු මොන්ඩාල්’ නම් වීදි ගායිකාව බොලිවුඩයට කැන්දා ගෙන ආ ‘ඒ මිනිසා’ ගැනයි. ඔහු ‘හිමේෂ් රෙෂ්මියා’ ගැනයි.
හිමේෂ් ගැන බොලිවුඩයේ තිබෙන්නේ ‘බොහොම ධනාත්මක’ ප‍්‍රතිරූපයක් වුණත් ඔහුට එරෙහිව චෝදනාවක් (කුහක යැයි සිතෙන) තිබෙනවා. ඒ හිමේෂ් ‘ලිංගිකත්වය උද්දීපනය වන විදිහට නිතරම හැසිරෙනවා විතරක් නෙමෙයි ඔහුගේ ගීතවල විෂුවලුත් අනවශ්‍ය ලෙස ලිංගිකත්වය උද්දීපනය වන ආකාරයෙන් දක්නවවා’ කියලා.
කොහොම වුණත් මේ වන විට 47 වැනි වියේ පසුවන හිමේෂ් දකින අය නම් ඒ විවේචනය ගැන පුදුම වන බවයි ඉන්දීය මාධ්‍ය කියන්නේ. ඊට හේතුව හිමේෂ් තම නියම වයසට වඩා බොහෝ අඩු වයසක් ප‍්‍රදර්ශනය කිරීමයි.

‘හිමේෂ් දිහා බලන කිසිම කෙනෙක් ඔහු මැදි වයසේ පිරිමියෙක් කියලා කියන්නෑ’ ප‍්‍රකට ඉන්දීය සිනමා සංග‍්‍රහයක් වන ‘ෆ්ලිම් ෆෙයා’ ලේඛිකා ‘සුලේඛා රගුනාත්’ කියනවා.
මෙහිදී සුලේඛා තවත් කතාවක් කියනවා. ‘හිමේෂ් බොලිවුඩයේ දොරවල් ඇරලා දුන්න පිරිස අති විශාලයි. ඒත් ඔහු කළ ‘සුවිශේෂ සොයා ගැනීම රානු මොන්ඩාල් කියලා මම හිතනවා. ඒත් ඇය සොයා ගැනීම ගැන නම් හිමේෂ්ට ධනාත්මක ප‍්‍රතිචාර බොහොම අඩුයි. ඒ හේතු සංකීර්ණයි’ ඇය කියනවා.
මේ අනුව ලංකාවේ අපිට හිතෙන්නේ හිමේෂ් රෙෂ්මියා ජනප‍්‍රිය වුණේ රානු මොන්ඩාල් නිසා කියලා. ඒත් ඇත්ත ඒක නෙමෙයි. හිමේෂ් කියන්නේ ‘කලාවට කලාතුරකින් පහළ වන සුවිශේෂ දක්ෂතා ඇති අයෙක්. ඇත්තටම ඔහු ‘ඔ්ල් රවුන්ඩර්’ කෙනෙක්. නැතිනම් අංශ ගණනාවකින් සුවිශේෂ දක්ෂතා දක්වන කෙනෙක්’ සුලේඛා හිමේෂ් ගැන චරිත සහතික නිකුත් කරමින් කියනවා.
හරි දැන් අපි හිමේෂ් ගැන කතා කරමු. බොහෝ නළු නිළියන් (විශේෂයෙන් ම නිළියන්) තමන් වසය ගැන හැගුවත් හිමේෂ් තමන්ගේ වසය ගැන නිවැරදි තොරතුරු ඉදිරිපත් කරනවා. ඒ අනුව ඔහු ඉපදිලා තියෙන්නේ 1973 ජූලි 23 වැනිදා.
හිමේෂ්ගේ තාත්තා ගුජරාට සංගීත සපයන්නෙක් වන ‘විපින් රෙෂ්මියා’ අම්මා ‘මධු රෙෂ්මියා.
හිමේෂ් විවාහ වෙන්නේ ඉතාමත් තරුණ වියේදී. ඒ කියන්නේ 21 වැනි වියේදී. ඒ ‘කෝමල්’ නම් තරුණිය සමග. හිමේෂ් – කෝමල් යුවතිපතීන්ගේ පුත‍්‍ර රත්නයකුත් ලැබෙනවා. ඒ ‘ස්ව්‍යාම්

හිමේෂ් විවාහ වෙන්නේ ඉතාමත් තරුණ වියේදී. ඒ කියන්නේ 21 වැනි වියේදී. ඒ ‘කෝමල්’ නම් තරුණිය සමග. හිමේෂ් – කෝමල් යුවතිපතීන්ගේ පුත‍්‍ර රත්නයකුත් ලැබෙනවා. ඒ ‘ස්ව්‍යාම්’
හිමේෂ් – කෝමල් යුවලගේ පවුල් ජීවිතය නම් ‘සුන්දර නොවුණ බවයි ‘සුලේඛා පවසන්නේ.
‘ඒක ආරම්භයේ සිටම නොගැළපෙන එකක්. හිමේෂ් විවාහ වුණේ අත්දැකීම් ඇති වයසකදී නොවෙයි. ඔහු අතිධවනකාරී අයෙක්. ඒ නිසා මේ විවාහය ‘නීරස’ එකක් බවට පත් වුණා. බොලිවුඩයේ අඹුසැමියන් අතර සුලභ ‘සැකය – අවිශ්වාසය’ කෝමල්ගේ හිත අරක් ගෙන තිබුණා. ඉතිං, සුපුරුදු පරිදි ඒක දික්කසාදයෙන් කෙළවර වුණා’ සුලේඛා කියනවා.
‘ඇත්තටම කෝමල් හරි. හිමේෂ්ට අනියම් සම්බන්ධතා තිබුණා. ඔහ ජනප‍්‍රිය, මුදල් තිබෙන තරුණයෙක්. අති සාරාගී අයෙක්. ඉතිං කෝමල් පිපිරි පිපිරි ඉන්න එක පුදුමයක් නෙමෙයි’
සුලේඛා කියන ආකාරයට හිමේෂ් – කෝමල් විවාහය 2016 දී අවසන් වෙනවා. ඔහු කෝලමල්ගෙන් නීත්‍යානුකූලව වෙන් වෙනවා.
හිමේෂ්ගේ අනියම් සම්බන්ධය තිබුණේ ‘සෝනියා කපූර්’ එක්ක. ඔහු සෝනියා එක්ක විවාහ වෙන අදහසින් කෝමල්ගෙන් වෙන් වුණත් දැන් සෝනියා එක්ක ඉන්නේ විවාහ වීමකින් තොරවයි.

හිමේෂ්ගේ අනියම් සම්බන්ධය තිබුණේ ‘සෝනියා කපූර්’ එක්ක. ඔහු සෝනියා එක්ක විවාහ වෙන අදහසින් කෝමල්ගෙන් වෙන් වුණත් දැන් සෝනියා එක්ක ඉන්නේ විවාහ වීමකින් තොරවයි.
හිමේෂ්ගේ ‘පවුල අවුල් වුණත්’ ඔහුගේ ඔළුව නම් අවුල් නැහැ. බොලිවුඩය තුළ ඔහුව දිදුලන්නේ නළුවෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක්, ගීත රචකයෙක්, වාදකයෙක්, නි්ෂ්පාදකවරයෙක්, ගායකයෙක්, තිර රචකයෙක් සහ සිනමා සහ සංගීත නිර්මාණ බෙදා හරින්නෙක් ලෙසයි.
‘මේක බොලිවුඩයේ දැකිය නොහැකි තත්ත්වයක්. බොලිවුඩය තුළ අංශ කිහිපයකින් අයෙක් සාර්ථක වෙන්නේ බොහොම කලාතුරකින්. ඒත් ඒ වාසනාව හිමේෂ්ට තිබුණා. ඒ ඔහුගේ පවුලෙන් (විශේෂයෙන් පියාගෙන්) ලැබුණු දායාදය නිසා වෙන්න ඇති’ සුලේඛා කියනවා.

හිමේෂි රෙෂ්මියා නම් ගායකයා
හිමේෂ් ක්ෂේත‍්‍රයට පිවිසෙන්නේ ගායකයෙක් විදිහටයි. ඔහු ගායනා කළ Aashinq Banaya Aapne, Tera Suroor, Zara Jhoom Jhoom, Jhalak Dikhlaha වැනි ගීතවලින් නොසිතූ තරම් ජනප‍්‍රියත්වයක් ලැබුණා.
ගායකයෙක් විදිහට ලැබූ ‘අති සාර්ථකත්වය’ හිමේෂ්ට රංගනයටත් පාර කපනවා. බොලිවුඩ් නළුවෙකුට අත්‍යවශ්‍ය කඩවසම් බව ඔහුට නොඅඩුව තිබුණ නිසා ඒ ගමනත් සාර්ථක වෙනවා. ඒ අනුව ඔහු Aap Kaa Surroor චිත‍්‍රපයෙන් සිනමා දිවිය ආරම්භ කරනවා.
මීළගට අපට හමුවන්නේ ‘හිමේෂ් රෙෂ්මියා’ කියන සංගීත අධ්‍යක්ෂවරයා. ඉන්දිය සංගීත අධ්‍යක්ෂවරුන් අතරින් මුල්ම වරට ‘ඇම්ස්ටර්ඩෑම්’වල Wembley Arena සංගීත ශාලාවේ සංදර්ශනයක් කිරීමේ භාග්‍ය උදා වන්නේ හිමේෂ්ටයි.
ඉතිං, සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වෙමින් හිමේෂ් ඉදිරියටම යනවා. ඒ අතරේ ඔහු ‘කලාව’ සමග ඒ තරම් හිතවත් නැති ‘බිස්නස්වලට’ත් අත ගහනවා. ‘CTV ’ නාලිකාවෙන් විකාශනය වු අති ජනප‍්‍රිය Sa Re Ga Ma Pa Challenge රියැලටි තරගාවලිය හිමේෂ්ගේ නිෂ්පාදනයක්. ඒ සමග තම ජනප‍්‍රියත්වය හා දක්ෂතාව සමග රියැලටි තරලාවලි රැසක විනිසුරුවරයෙකු ලෙසත් හිමේෂ් කටයුතු කරනවා.
මේ අතරේ 2013 දී හිමේෂ් තවත් වැඩකට අත ගැහුවා. ඒ තමයි චිත‍්‍රපට අධ්‍යක්ෂණයට පිවිසීම. ඔහු The Epose අධ්‍යක්ෂණය කරමින් එහි රංගනයෙන් ද දායක වුණා.

බොලිවුඩ් වාර්තාවලට අනුව ළගදීම තිරගත වීමට නියමිත Happy Hardy and Heer චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතයත් හිමේෂ්ගේ.
‘හිමේෂ්ගේ අති විශේෂත්වය තමයි ඔහු රගපාන සෑම චිත‍්‍රපටකයම සංගීතය මෙන්ම ගීත නිර්මාණය කරන්නේ ඔහුම වීම’ සුලේඛා යළි කියනවා.
සුලේඛා රගුනාත් ඔර්ලෝසුව දෙස බලනවා. ඇය පිටතට යා යුතු බව එයින් කියවෙනවා. අපි අවසාන අංශයට යොමු වෙනවා.
‘ඔව් ඔබ අහනදේ ගැන මං දන්නවා. ඇත්තමයි හිමේෂ් ගොඩක් කැමතියි අසරණ මිනිස්සුන්ට උදව් කරන්න. ඒ වගේම සැගවුණ දක්ෂතා තියෙන අය සමාජය හමුවට ගෙනත් ඔවුන්ට උදව් උපකාර කරන්න. රානු මොන්ඩාල් කියන්නේ ඒ අතරින් එක් අවෙක් විතරයි. ඒත් අද තරම් සෝෂල් මීඩියා ජනප‍්‍රිය නැති කාලේ ඔහු තවත් කැලෑ මල් රැුසක් බොලිවුඩයේ අල්තාරය මත තැබුවා’ සුලේඛ කියනවා.
‘ඔහු හුදු වචනවලින් පමණක් උපකාර කරන අයෙක් නෙමෙයි. රානු ගත්තත් හිමේෂ් අයට තමන් සමග ගීතයක් ගායනා කිරීමට අවස්ථාව ලබා දුන්නා පමණක් නොවෙයි තමන්ගේ ගීත ගායනා කරන්නත්, තමන්ගේ මීළග චිත‍්‍රපයේ ගීත ගායනයටත් අවස්ථාව ලබා දුන්නා’ සුලේඛා කතාව අවසන් කරමින් කිව්වා.

සටහන – තුෂාධවි