නදුනි කරුණාතිලක’ නවක නිළියක් වුවත් බොහෝ දෙනා කියන්නේ ඇය ප‍්‍රතිභාපූර්ණ නිළියක් කියලා.

‘අනේ එයා පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ කියන ටෙලි නාට්‍යයේ හොදට රගපානවා. එයා කවදා හරි දක්ෂ නිළියක් වේවි’ මෙහෙම කිව්වේ ගම්පහ ‘දීපානී’ ඇය තමයි මගෙන් ඉල්ලා සිටියේ නදුනිගේ තොරතුරුත් ලියන්න කියලා.
ඉතිං අපි නදුනිව හමු වුණා. ඇය හිටියේ කාර්ය බහුල වෙලා, ඒත් බොහොම සුහදව අපව පිළිගත් නදුනි ‘දීපානි’ගේ ආසාව ඉටු කළා.

මම ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෙන්නේ ‘දෙවෙනි ඉනිම’ කියන ටෙලි නාට්‍යය හරහ. ඒ අතර දිලූක ප්‍රසාද් ගුණතිලක මහත්මයාගෙ පෝය දින ටෙලිනාට්‍ය කිහිපයකත් රඟපාන්න අවස්ථාව ලැබුණා. ඔය අතරේ දෙරණ නාළිකාවේ ‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ නාට්‍යට සම්බන්ධ වෙන්න කියලා දෙරණෙ ලක්සිරි වික්‍රමගේ සහ චරිත් කොතලාවල මහත්වරු මට ආරාධනා කළා. එයත් දිලූක ප්‍රසාද් ගුණතිලක මහත්මයාගේ අධ්‍යක්ෂණයක් වීම නිසා මට පහසු වුණා.
නදුනි තමන් ටෙලිනාට්‍ය කලාවට ප‍්‍රවේශ වූ ආකාරය ගැන අපට හෙළි කළා.
‘කොහොමද ඔබට ලැබෙන ප‍්‍රතිචාර’ අපි සාම්ප‍්‍රදායික ප‍්‍රශ්නයක් නදුනිට යොමු කළා.
‘මම හිතුවටත් වඩා ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ටෙලිනාට්‍ය විකාශය වෙලා දින දෙක තුනක් යද්දී රසික ප්‍රතිචාර ගොඩක් ලැබුණා. මග තොටේදී පවා බොහෝ දෙනෙක් අපිව අඳුරගෙන කතා කරනවා. ඒක මම වගේ නවක නිළියකට සතුටක්’
ඊළටත් අපෙන් සාම්ප‍්‍රදායික ප‍්‍රශ්නයක්. ‘ඔබ රංගනය හදාරලා තියනවද ? ’ අපි නොදන්නාකමට ඇහුවා.
‘අනේ නැහැ අනේ…මම දැනට හදාරන්නේ සංගීතය. මම සෞදර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවානේ. ඒනිසා ඉතිං මට කියන්න තියෙන්නේ ‘මම රංගනය ගැන විශේෂ හැදෑරීමක් කරලා නැහැ කියලා. ඒත් ඒ ගැන ඉදිරියට ඒ ගැන වැඩිදුර හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම තමයි මම වසර හතරක පමණ කාලයක ඉඳලා ‘බ්‍රයිඩ්ල් මොඩ්ලිං’ කරනවා. ඇති නේද ?’ නදුනි සුපුරුදු සැහැල්ලුවෙන් කිව්වා.

මට නැවත ගම්පහ දීපානිව මතක් වුණා. ඇය වඩාත් කැමති වුණේ නදුනිගේ පුද්ගලික ජීවිතේ ගැන දැන ගන්න. දැන් ඒකට හොද ප‍්‍රවේශයක් ඇවිත්.
‘මම දැන් පදිංචි වෙලා ඉන්නෙ නුවර. මගේ පවුලේ ඉන්නේ නංගිලා දෙන්නයි, අම්මයි, තාත්තයි මායි. විවාහයට ප්‍රථමයෙන් මගේ පසුපසින්ම හිටියේ තාත්තා. ඒක මට ලොකු හයියක් වුණා. මගේ පියා මට දුන් සහයෝගය අමතක වන්නේ නෑ. දැන් මගේ පසුපසින්ම ඉන්නේ මගේ සැමියා. ඔහුත් මට ලොකු සහයෝගයක් දෙනවා’ නදුනි කිව්වා.
සැමියා ගැන කතා කළ නිසා ඒ ගැන නම් දැන් අහන්නේ නැතිවම බැහැ. ඔන්න ‘දීපානි’ අපි ඒ ගැනත් ඇහුවා.
ඔහු දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් පහ තරගයේ අවසන් දස දෙනා අතරට තේරුණු කෙනෙක්. ඔහුට දෙරණෙ රාජිකා ක්‍රිෂාන්ති මහත්මිගේ ආරාධනයක් ලැබුණා. ඊට පස්සේ දිලූක ප්‍රසාද් මහත්මයාට සම්බන්ධ කෙරුණා. ඔහු මේ ක්ෂේත්‍රයට පැමිණෙන්නෙ ඒ විදියටයි. අපි දෙන්නා විවාහ වෙන්න කලින් ඉඳන්ම ඔවුන් සමඟ පෝය නාට්‍යවල වැඩ කළා. අපි මේ නාට්‍යයට අපි සම්බන්ධ වුණේ නම් විවාහයෙන් පසුව. ආ මට අමතක වුණානේ ඔහුගේ නම ‘දිනූෂ’
දිනූෂ දිසානායක කියන්නේ නදුනි සමග ‘පාවේ වලා වලාකුළේ ඒවිද අම්මා’ ටෙලිනාට්‍යයේ දියණියගේ පියාගේ චරිතය රඟපාන නළුවා. ඔහු තමයි නදුනිගේ සැබෑ ජීවිතයේ ඔබේ සැමියා බවට පත් වුණේ.
කතාවේ සිටින ‘චූටි දුව‘ ගැන මොනවාද කියන්න තියෙන්නෙ?
චූටි දුව ඉතින් හරිම හුරතල් වගේම දක්ෂ දරුවෙක්. ඇය එක්ක රඟපාන එකත් හරිම ලේසියි.
ටෙලි නාට්‍ය රූගත කරන විට බොහෝම සුන්දර, අමතක නොවන දේවල් සිදුවන බව ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනෙක් කියනවා. අපි බලමු නදුනිටත් එහෙම දේවල් තියෙනවාද කියලා.
ඔව් තියෙනවා අනේ. ඒක අමතක නොවන එකක් වුණාට හොදටම රිදුන, මට තරු විසිවුණ එකක්. එක් දර්ශනයක නාට්‍යයේ මගේ සැමියා ලෙස රඟන කාවිංග මට කම්මුල් පහරක් ගසන අවස්ථාවක් තියෙනවනේ. ඒකෙදි පළවෙනි රූගත කිරීමේදී මට ඇත්තටම කම්මුල් පාර වැදුණා. ඇත්තටම මම වැටුණා. මට ඇඬුණෙත් ඇත්තටමයි. ඒ වෙලාවෙ එතනින් එහාට මට දෙබස් ටිකත් අමතක වුණා. ඒක නම් වේදනාකාරී වුණත් මට අමතක නොවන සිදුවීමක්. තවත් ඒවා තියෙනවා ඒත් මේක අතිනේ නේද ?’ නදුනි ඇසුවා. අපිත් නිහඬ වුණා.
ඉතිං අපිටත් නොදැනීම කාලය ගත වුණා. නදුනිටත් වැඩ තියෙන බව පෙනුනා. ඒ නිසා අපි අවසන් ප‍්‍රශ්නය ඇසුවා.
‘ඉතිං ඉදිරි කටයුතු කොහොමද ?’
‘දැනට මට ටෙලිනාට්‍ය දෙකකට විතර ආරාධනා කරලා තියෙනවා. නමුත් දැනට මම මූලික තැන දීලා තියෙන්නෙ ‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ ටෙලි නාට්‍යයට.
නදුනි අපිට සමුදෙමින් කිව්වා. අපිත් රසවත් හොරාවක් අවසන් කළා.
සටහන : තුෂාධවි