ජනපතිවරණ කාලේ සජිත්ගේ රගපෑම් දැන් කෝ – ඇමැති ප‍්‍රසන්න

ජනපතිවරණ කාලේ සජිත්ගේ රගපෑම් දැන් කෝ – ඇමැති ප‍්‍රසන්න
Spread the love

“ගමට ගෙයක් – රටට හෙටක්” රජයේ නිවාස වැඩ පිළිවෙල යටතේ ඉදිකෙරුණු පළමු නිවස විවෘත කෙරේ. ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ඕජඩ්වත්ත ප්‍රදේශයේ මෙම නිවස ඉදිකර තිබුණේ දින 29 කින් වීම විශේෂත්වයකි.

නිවස විවෘත කිරීම කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. පෙබරවාරි මස 01 වෙනි දින මුල්ගල තැබුණු  නිවසේ  හිමිකරු වුයේ රමිලා පතිරණ මහත්මියයි. පාසල් යන දරුවන් දෙදෙනෙකු ද මෙම නිවසේ සිටින අතර මෙම පවුලට නිසි ආදායම් මාර්ගයක් ද නොමැත. නිවසට අවශ්‍ය ගෘහභාණ්ඩ ද පරිත්‍යාගශීලින්ගෙන් ලැබී තිබිණ.

මෙම නිවස විවෘත කිරීමේ උත්සවයට කිසිදු රජයේ මුදලක් වැය කර නොතිබිණි. එමෙන් ම මේ වෙනුවෙන් සමරුඵලක, වේදිකා හෝ ඉදිකර නොතිබීම ද විශේෂත්වයකි. ගමට ගෙයක් – රටට හෙටක් වැඩසටහන් යටතේ දිවයින පුරා සියලුම ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි නිවාස ඉදි කිරීම සිදුවේ. ඒ අනුව නිවාස 14,000 ක් කඩිනමින් හිමිකරුවන්ට පැවරීමට නියමිතයි.

නිවස විවෘත කිරිමේ අවස්ථාවට එක් වු කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ දේශපාලඥයන් හා නිළධාරින් එක් වී අවබෝධයෙන් කටයුතු කිරිම නිසා මෙම නිවස දින 29 කින් නිම කර ගැනිමට හැකි වු බවයි. පසුගිය යහපාලන සමයේ මෙවැනි නිවසක් ඉදිකළේනම් එය විවෘත කිරීමේ උත්සවයට හිටපු ඇමතිවරයා රුපියල් කෝටි ගණනාවක් වැය කරන බව පෙන්වා දුන් ප්‍රසන්න රණතුංග ඇමතිවරයා වව්නියාවේ නිවාස 10 ක් ඉදිකර එය විවෘත කරන උත්සවයට මාතර පොස්ටර් ගැසූ යුගය වත්මන් ආණ්ඩුව අවසන් කළ බව කීවේය. නිවාස ඉදි කිරීම වෙනුවට හිටපු ඇමතිවරයා කළේ කෝටි ගණන් රජයේ මුදල් වියදම් කර සිය පුද්ගලික ප්‍රචාරක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරිම පමණක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙසේ ද කීවේය.

“ඡන්ද කාලේ සජිත් ප්‍රේමදාස මහත්තයා රබර් සෙරෙප්පු දාගෙන රගපෑවා. ජනාධිපති වුණොත් වාහන එපා කිව්වා. ජනාධිපති මන්දිර එපා කිව්වා. දැන් විපක්ෂ නායක වුණා විතරයි සේරම ගත්තා. හැබැයි ජනාධිපතිතුමා ඡන්දෙට කලින් මොනවත් ගන්නේ නෑ. අනේ මං ඉන්නේ මිරිහානේ කියලා කිව්වේ නෑ. හැබැයි එතුමා ක්‍රියාවෙන් ඔප්පු කළා රට හදන්න කැප වෙනවා කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා ඔප්පු කළා එයා කියන්නේ එකක්, කරන්නේ එකක් කියලා.

අද මේ රටේ ජනතාව දන්නවා මේ ආණ්ඩුවට සජිත් මහත්තයා වැඩ කරන්න දෙන්නේ නෑ කියලා. ඔවුන් ආණ්ඩුවේ කකුලෙන් අදිනවා කියලා. ඒ නිසා අපි ජනතාවට දෙන්න හිටපු සහන ලබා දෙන්න බැරිවෙලා තියෙනවා. නමුත් අලිව තත්ත්වයක කාටවත් බෑ. අපි ජනතාව වෙනුවෙන් කළ හැකි කළ යුතු සියලු දේ කරනවා.

නිවාස රාජ්‍ය ඇමති ඉන්දික  අනුරුද්ධ මහතා ද මෙහිදී කථා කළේය.