

ක‍්‍රිකට්වලට කිසිදු භේදයක් අදාළ නැහැ කියන එක තමයි පොදු අදහස වෙන්නේ. ඒ බව ලංකාවේ අපිත් දන්නවා. මේ කතාවත් එහෙම එකක්.
‘ග්ලේන් මැක්ස්වෙල්’ කියන්නේ ඕස්ටේ‍්‍රලියානු ජාතික කණ්ඩායමේ ප‍්‍රබල තුන්ඉරියව් ක‍්‍රීඩකයෙක්. ඒ වගේම ඔහු ඉන්දීය ප‍්‍රිමියර් ලීග් පිටියේ ද සුපිරි දක්ෂතා දක්වා තිබෙනවා. ඒ ප‍්‍රබල ‘කිංග්ස් ඉලෙවන් පන්ජාබ්’ කණ්ඩායම නියෝජනය කරමින්.
ඉතිං, දැන් මැක්ස්වෙල්ට ඉන්දියාව සමග තිබෙන්නේ ගසට – පොත්ත වාගේ සම්බන්ධතාවක්. ඔහු මාස හතරක් පමණ ගත කරන්නේ ඉන්දියාවේ.
මාස ගාණක් ඉන්දියාවේ ගත කරන කොට මැක්ස්වෙල් ඉන්දියාවට ආදරේ කරන්න පටන් ගත් බවයි ඔහුගේ සමීපතමයෝ කියන්නේ. ඒ්ත් දැන් ඒ ආදරේ, බැඳීම සදාකාලික වෙලා කියලයි මැක්ස්වෙල් කියන්නේ. ඒ වෙන දෙයක් නිසා නොවෙයි ඔහු තම අනාගත සහකාරිය ඉන්දියාවෙන්ම තෝරා ගැනීම නිසයි.
මැක්ස්වෙල්ගේ පෙම්වතිය තමයි සුරූපී ඉන්දියානු යුවතියක් වන ‘විනී රාමන්’ ඔවුන් පසුගිය දා විවාහ ගිවිස ගත් බවයි මැක්ස්වෙල් – විනී නිවේදනය කළේ. ඔවුන් විවාහා ගිවිස ගත් ඡායාරූප ඉන්දීය සමාජ මාධ්‍යවල තිබුණා.

