මේ ආණ්ඩුව පොරොන්දු වුණු රැුකියා ලක්‍ෂයේ වැඩපිළිවෙළත් උපාධිධාරීන්ට රැුකියා ලබාදීමේ වැඩසටහනත් විශාල අර්බුදයකට ලක්වෙලා. වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ මෙම රැුකියා ලබාදීමේ වැටසටහන ගැටලූ ගණනාවක් මතුකර තිබෙනවා. රනිල් මෛතී‍්‍ර ආණ්ඩුව උපාධිධාරීන්ට රැුකියා ලබානොදුන් නිසා විශාල ප‍්‍රමාණයක් රැුකියා විරහිතවත් ඌණ රැුකියාලාභීන් ලෙසත් සිටිනවා.
උපාධියට ගැලපෙන රැුකියාවක් ලබාදෙන්න ආණ්ඩුවලට වැඩපිළිවෙළක් නැති නිසා උපාධිධාරීන් දැඩි පීඩාවකට ලක්වෙලා. ඇතැම් උපාධිධාරීන් රැුකියාවක් ලබාගැනීමේ අරමුණින් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඡුන්දය ලබාදුන්්නා. ආණ්ඩුවේ කළමනාකරණයේ දුප්පත්කමත් ආණ්ඩුකරණය නොදන්නා නිසාත් උපාධිධාරීන්ට රැුකියාව ලබාදෙන්න අසමත් වෙලා. උපාධිධාරීන්ගේ සුදුසුකම් පරීක්‍ෂා කරලා ඔවුන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි කරලා තිබෙන නිසා ඔවුන්ගේ තොරතුරු ආණ්ඩුව සතුව තිබුණා. ජනාධිපති පත්වෙලා මාස 04ක කාලයක් පසුවෙමින් තිබියදී එම පොරොන්දුව ඉටුකරගන්න බැරිවෙලා තිබෙනවා.
මේ ආණ්ඩුම මුලින්ම උපාධිධාරින්ට රැුකියා ලබාදීම දේශපාලන වැඩක් බවට පත්කරගත්තා. උපාධිධාරීන් මැතිවරණයේදී කැන්වසින්වලට යොදාගන්නා දේශපාලන හෙංචයියන් බවට පත්කරගන්න උපාධිධාරීන් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ගෙවල්වලට ගෙන්වලා ලියාපදිංචි කරන්න උත්සාහ කළා. නමුත් එම කටයුතුවලට එල්ල වූ විරෝධය නිසා උපාධිධාරීන් ආණ්ඩුවේ දේශපාලන අතකොලූවක් කරගැනීම වැළකුණා. ආණ්ඩුව ජනවාරි මාසයේ පත්වීම් දෙන බව කිව්වා. පසුව පෙබරවාරිවලට කල් දැම්මා. ආණ්ඩුව කිව්වේ මාර්තු 02 පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කලින් පත්වීම් දෙනවා කියලා. අවසානයේදී ලිපි යැව්වේ පෙබ.28වැනිදා. ඇතැම් අයට ලිපි ලැබිලා නැහැ. ඇතැම් අයට ලැබුණු ලිපිවල විශාල අඩුපාඩු තිබෙනවා. ඉතාම පහසුවෙන් ලබාදිය හැකි උපාධිධාරීන්ගේ පත්වීම් ටිකවත් ආණ්ඩුවට දෙන්න බැරිවුණා. අන්තිමේදී මැතිවරණ සමය නිසා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් මෙම පත්වීම් අත්හිටවනු ලැබුවා.
ඕනෑම කෙනෙක් දන්නවා, මැතිවරණ සමයකදී පත්වීම් ලබාදීම මාරුකිරීම් සහ උසස්වීම් දේශපාලන අල්ලස් බවට පත්වන නිසා ඒවා නවත්වන බව. මේ නිසාම දැන් උපාධිධාරින් විශාල අපහසුතාවයකට පත්වෙලා තිබෙනවා. අනෙක් පැත්තෙන් මුදල් කෝටි ගණන් වියදම් කරලා රජයේ ආයතන විශාල ගණනක් මැදිහත් වෙලා ගෙනගිය වැඩසටහන අසාර්ථක වෙලා. උපාධිධාරීන්ට රැුකියා ලබාදෙන්න බැරිවෙලා තිබෙනවා. මේ ආණ්ඩුව උපාධිධාරීන් රැුවටීමකට ලක්කළා. හෙම්බත් කළා. ආණ්ඩුවට ඇත්ත වුවමනාවක් තිබුණනම් පාර්ලිමේන්තුව මාර්තු 02වැනිදා විසුරුවනවා වෙනුවට තව සතියක් පහුකරලා පත්වීම් ටික දීලා විසුරුවන්න තිබුණා. මේ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් බව ඔප්පුකර තිබෙනවා.
මෙවැනි තත්වයක් තිබියදී ජනාධිපතිවරයා තමන්ගේ මඩ බලකාය යොදාගෙන උපාධිධාරී පත්වීම් දෙන්න ජවිපෙ විරුද්ධ වුණා කියලා සමාජ ජාලා තුළ මඩ ව්‍යාපාරයක් දියත් කර තිබෙනවා. අපි ඉතාම වගකීමෙන් කියනවා උපාධිධාරීන්ට රැුකියා ලබාදීම වෙනුවෙන් වැඩිම හඬ නැගීමක් කළේ ජනතා විමුක්ති පෙරමුණත් අප පක්‍ෂයට අනුබද්ධ තරුණ සහ ශිෂ්‍ය සංවිධානත් වෘත්තීය සමිතිත් උපාධිධාරී සංවිධානත් බව. අපේ පක්‍ෂයේ අනුර දිසානායක සහෝදරයා ජනවාරි මාසය අගදී පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් මේ පිළිබඳව ප‍්‍රශ්න කළා.
මා, පෙබරවාරි මාසයේදී අගමැතිවරයාට ලිපියක් යොමු කරමින් උපාධිධාරීන්ට රැුකියා ලබාදීමේ ගැටලූව පිළිබඳව විමසීමක් කළා. ඒ වගේම පෙබරවාරි මාසයේදීම පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව ප‍්‍රශ්න කළා. ඒ වගේම මා සහභාගී වන ව්‍යවස්ථාදායක සභාවේ රැුස්වීමකට පෙර එතැනට සහභාගී වූ අගැමැතිවරයාගෙන් මෙම රැුකියා ලබාදීමේ වැඩසටහන පිළිබඳවත් ඔවුන්ගේ වයස සීමාව පිළිබඳවත් ඌණ සේවා වියුක්තිය පිළිබඳවත් කතා කළා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ තරුණ සහ ශිෂ්‍ය ව්‍යාපාරත් රුකියා විරහිත උපාධිධාරී සංවිධාන එක්ව රැුකියා ලබාදීමේ අඩුපාඩු පිළිබඳව විරෝධතා පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කළා. ජවිපෙ මන්තී‍්‍රවරු විවිධ අවස්ථාවලදී ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් මේ පිළිබඳව විමසලා තිබෙනවා. රනිල්-මෛතී‍්‍ර ආණ්ඩුවට වැඩ බැරි නිසා තමයි වැඩ කරන්න මේ ආණ්ඩුව ආවේ. දැන් මේ ආණ්ඩුවත් වැඩ බැරිකම නිසා ජවිපෙට එරෙහිව මඩ අවලාද ගහනවා. දින 100ක් ඇතුළත මේ තරම් අසාර්ථක වුණු බංකොළොත් ජනාධිපතිවරයෙක් අපි දැකලා නැහැ. උපාධිධාරීන්ට රැුකියා ලබාදීම වැනි ඉතාම සරල වැඩක් කරගන්න බැරි ආණ්ඩුවක් ගැන වෙන මොන කතාද? ආණ්ඩුවේම ඇමතිවරු කියනවා, රැුකියා ලබාදීමේ වැඩසටහන අනාගත්තා කියලා.
ඒ වගේම මේ ආණ්ඩුව පොරොන්දු වුණු රැුකියා ලක්‍ෂයේ වැඩසටහන අසාර්ථකයි. ආණ්ඩුව පොරොන්දු වුණේ සා.පෙළ අසමතුන් ලක්‍ෂයකට ආණ්ඩුවේ රැුකියා ලබාදෙනවා කියලා. එහි සම්මුඛ පරීක්‍ෂණය මහා ජංජාලයක් බවට පත්වෙලා. සම්මුඛ පරීක්‍ෂණවලට සාපෙළ සමතුන්, උපෙළ සමතුන් වගේම ඌණ සේවා වියුක්ති උපාධිධාරීන් පවා එනවා. ඇතැම් සාපෙළ අසමතුන්ට සම්මුඛ පරීක්‍ෂණවලදී විවිධ සීමාකම් පනවනවා. උදාහරණයක් ලෙස මව සනීපාරක්‍ෂක කම්කරුවෙකු නම් පුතාට රුකියාව නැහැ. සම්මුඛ පරීක්‍ෂණ සඳහා හමුදා නිලධාරීන් යොදා ගන්නවා. රැුකියා ලක්‍ෂයේ වැඩසටහන හමුදා ඒජන්සියක් බවට පත්කරන්නයි ආණ්ඩුව කටයුතු කරන්නේ. හමුදාව සිවිල් කටයුතුවලට යොදා ගැනීම රටේ පරිපාලනය බිඳ වැටීමක්. ලෝකයේ කිසිදු රටක් තමන්ගේ හමුදාව සිවිල් පරිපාලන කටයුතුවලට යොදා ගන්නේ නැහැ. ඒ වගේම මොවුන් මෑන් පවර් ඒජන්සියකට අනුයුක්ත කරන තත්වයක් ඇතිකරලා තිබෙනවා. අපි ආණ්ඩුවට කියනවා, තරුණ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා කියලා.
ජනාධිපති ධූරයට පත්්වීමෙන් පසු ගතවූ දින 100 සෑහීමකට පත් නොවන බවත් අසාර්ථක බවත් ජනාධිපතිවරයාම පිළිගෙන තිබෙනවා. එයට හේතුවක් ලෙස ජනාධිපතිවරයා සඳහන් කරන්නේ 19වැනි සංශෝධනයයි. 19වැනි සංශෝධනය කියන්නේ මොකක්ද? ජනාධිපතිවරයා සතුව තිබූ බලතල අගමැතිවරයා යටතටත්, ස්වාධීන කොමිෂන් සභා යටතටත් යම් ප‍්‍රමාණයක් ජනාධිපතිවරයා යටතටත් පත්කරමින් ගෙනාපු සංශෝධනයක්. අපි අහනවා, ගෝඨාභය රාජපක්‍ෂ මේ කියන්නේ තමන්ගේ අයියත් එක්ක වැඩ කරන්න බැහැ කියලද? වෙන වෙන කතා නොකියා ඒක කෙලින් කියන්න. ජනාධිපතිවරයාට කොමිෂන් සභා එක්ක වැඩ කරන්න බැරිද? මීට පෙර හිටපු ජනාධිපතිවරු කොමිෂන් සභා එක්ක වැඩ කළා. අපි පැහැදිළිව අහනවා, මහින්ද එක්ක වැඩ කරන්න බැහැ කියලද මේ කියන්නේ? ඒ වගේම 2/3 ගැනත් කතා කරනවා. අපි ජනාධිපතිවරයාගෙන් අහනවා,
රැුකියා ලක්‍ෂය ලබාදෙන්න බැරිවුුණේ උපාධිධාරී රැුකියා ලබාදීමේ වැඩසටහන අනාගත්තේ, පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්න බැරිවුණේ, මහ කන්නයේ ගොවීන්ට පොහොර ටික දෙන්න බැරිවුණේ, වතු කම්කරු දෛනික වැටුප රු.1000ක් කරන්න බැරි වුණේ 2/3 නැති නිසාද කියලා. ඒ වගේම විල්පත්තුව ආසන්නයේ කැලෑ කපන එක වළක්වන්න බැරිවුණේ, කිසිදු පරිසර වාර්තාවක් නැතිව විවිධ ව්‍යාපෘති සඳහා කැලය විනාශ කරන එක වළක්වන්න බැරි වුණේ 2/3 නැති නිසාද? මේ වනවිට බැංකු සේවකයින් වැඩ වර්ජනයක් දියත් කොට තිබෙනවා, බැංකුවේ ඉහළ තනතුරුවලට ¥ෂිතයින් එපා කියලා. අපි අහනවා, ¥ෂිතයින් පත්කරන එක නවත්වන්න බැරි වුණේ 2/3 නැති නිසාද? එයාර් බස් ගනුදෙනුවට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන්න බැරිවුණේ 2/3 නැති නිසාද? ඒ වගේම අපි ජනාධිපතිරයාගෙන් අහනවා, 2/3 නැති නිසා කරගන්න බැරිවුණු ජනතාවාදී කි‍්‍රයාමාර්ග මොනවාද කියලා.
අපි පැහැදිළිවම කියනවා ජනාධිපතිවරයා මේ ආරම්භ කරන්නේ ඒකාධිපති ගමනක්. ඔහු කියා තිබුණා, උසාවියත් පාර්ලිමේන්තුවත් ඔහුගේ කටයුතුවලට බාධා කරන්න එපා කියලා. පාර්ලිමේන්තුව තමයි රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීම ආයතනය. ජනතාවගේ ඡුන්දයෙන් පත්වන නියෝජිතයින් ඉන්නේ පාර්ලිමේන්තුවේ. ජනාධිපතිවරයා කියන්නේ තනි පුද්ගලයෙක්. ජනාධිපතිවරයා එක ඡුන්දයක් දිනලා ඇවිත් කියනවා, උසාවියත්, පාර්ලිමේන්තුවත්, නීතිපතිත් තමන්ගේ වැඩවලට බාධා කරන්න එපා කියලා. ඔහු මේ ප‍්‍රකාශය කරන්නේ නොදන්නාකමටද? තමන්ට වැඩ කරන්න බැරිකමටද කියලා අපි දන්නේ නැහැ. ඔහු 19 ගැනත් නීතිය ගැනත් අවබෝධයක් තිබෙනවා කියලා අපි හිතනවා. ඒනිසා තමන්ගේ බැරිකමට 19 බිලිබාන්න උත්සාහ කරන්න එපා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හකුලන කිසිදු කි‍්‍රයාමාර්ගයකට අපි ඉඩ තබන්නේ නැහැ.
2/3 බලය නොමැතිව පහසුවෙන්ම කරන්න පුළුවන් තව එක දෙයක් ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන්න කැමතියි. 2/3 නොමැතිව ජනාධිපතිවරයාට එම්.සී.සී. ගිවිසුම අහෝසි කරන්න පුළුවන්. අපි ජනාධිපතිවරාගෙන් අහනවා, එම්.සී.සී. ව්‍යාපෘතියට සම්බන්ධ ඇමරිකන් නියෝජිතයෝ තවමත් ලංකාවේ ඉන්නවා නේද? ඔවුන්ට එම්.සී.සී. ගිවිසුම අහෝසි කරන බව ලිඛිතව දැනුම් දුන්නේ නැහැ නේද? සෝෆා, ඇක්සා ගිවිසුම් අහෝසි කරන්න 2/3 බලය අවශ්‍ය නැහැ නේද? නටන්න බැරි මිනිහා පොළොව ඇදයි කියනවා. ජනාධිපතිවරයාත් තමන්ගේ බැරිකම වහගන්න විවිධ කතා කියනවා.
ඒ වගේම මේ ආණ්ඩුව ජනාධිපතිවරණයේදී පොරොන්දු වුණා වතු කම්කරු දෛනික වැටුප රු.1000ක් කරනවා කියලා. එම වැටුප මාර්තු 02වැනිදා සිට ලබාදෙන බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. නමුත් අද මාර්තු 08වැනිදා. තවමත් ඒ සම්බන්ධයෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් අරගෙන නැහැ. වතු කම්කරුවන් කියන්නේ අපේ රටේ ඉතාම දුප්පත් කම්කරුවන් පිරිසක්. ඔවුන්ට පොරොන්දු ලබාදීලා ඔවුන්ගෙන් ඡුන්දය ලබාගෙන පොරොන්දු ඉටු නොකිරීම ඔවුන්ට කරන බරපතල නිග‍්‍රහයක්.
මේ වනවිට මුලූ ලෝකය පුරා කොරෝනා වෛරසය පැතිර යමින් තිබෙනවා. විශේෂයෙන් ලංකාවේ වැඩි පිරිසක් සිටින ඉතාලිය, දකුණු කොරියාව වැනි රටවල ව්‍යාප්තිය වැඩි වෙමින් තිබෙනවා. උතුරු ඉතාලියේ ලොම්බාඩියා ප‍්‍රාන්තයට පිටතින් ඇතුල්වීම සහ ප‍්‍රාන්තයෙන් එළියට යාම නවත්වා තිබෙනවා. එක් ශී‍්‍ර ලංකා කාන්තාවකට රෝගය වැළඳුණු බවට වාර්තා වෙනවා. මිලානෝ සහ ලොම්බාඩියා ප‍්‍රාන්ත ප‍්‍රදේශයේ ශී‍්‍ර ලාංකිකයින් 20,000-30,000ක් ජීවත්වන බව වාර්තා වෙනවා. ඔවුන්ට සෞඛ්‍ය පහසුකම් අත්‍යාවශ්‍ය වෙලා තිබෙනවා. මෙහි ප‍්‍රධාන ගැටලූව වෙලා තිබෙන්නේ එම ප‍්‍රාන්තයේ සියලූම නිවේදන නිකුත් කරන්නේ ඉතාලි භාෂාවෙන්. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා, එම ප‍්‍රාන්තයේ තිබෙන කොන්සියුලර් ජෙනරල් කාර්යාලය එම සියලූ නිවේදන හැකි ඉක්මනින් සිංහල භාෂාවෙන් නිකුත් කිරීමට මැදිහත් වෙන්න කියලා. මොකද, එම නිවේදනවල තිබෙන උපදෙස් ශී‍්‍ර ලාංකේය ජනතාවට හැකි ඉක්මනින් සම්පේ‍්‍රෂණය කිරීම වැදගත් වන නිසා. අනෙක් පැත්තෙන් එම කොන්සියුලර් ජෙනරල් කාලර්යාලට ස්ථිර ජෙනරල්වරයෙක් නැති නිසා කටයුතු කරගැනීම බාධාවක් වෙලා තිබෙනවා. වත්මන් ජනාධිපතිවරයා පත්වෙලා මාස හතරකට ආසන්න කාලයක් ගතවෙමින් තිබියදී එම තනතුරුවලට පත් නොකිරීම ගැටලූසහගත තත්වයක්.
ඉදිරි මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සංවිධාන ගණනාවක් නියෝජනය කරන ජාතික ජන බවේගය මාලිමාව ලකුණින් මැතිවරණයට ඉදිපත් වෙනවා. මේ වනවිට සියලූම දිස්ති‍්‍රක්කවල නාමයෝජනා 99%ක්ම අවසන් වෙලා තිබෙනවා. ලබන 17,18, 19 යන දින තුනේම සියලූම දිස්ති‍්‍රක්කවලට නාම යෝජනා බාර දීමට කටයතු කරනවා. ලබන 10වැනිනාද වනවිට ජාතික ලැයිස්තුව නම් කිරීමට කටයුතු කරනවා.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්
රවී කරුණානායක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව කරන්නේ නාටකයක්. අපි පැහැදිළිව කියනවා, හොරු විසින් හොරු අල්ලන්නේ නැහැ කියලා. මෙය ඡුන්දය ඉලක්ක කරගෙන කරන නාටකයක් පමණයි. ඒ වගේම මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ ප‍්‍රධාන චූදිතයා බවට චෝදනා එල්ල වන්නේ රනිල් වික‍්‍රමසිංහටයි. නමුත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කිසිදු නියෝගයක් නිකුත්කර නැහැ. රවී කරුණානායක අත්අඩංගුවට ගන්න කියලා දැන් පැය 48කට වැඩියි. එජාප ආණ්ඩුව කාලයේ වර්තමාන ආණ්ඩුවේ හොරු හැංගිලා හිටියේ එජාප ආණඩුවේ ඇමතිලාගේ ගෙවල්වල. ඒ නිසා අපට දැඩි විශ්වාසයක් තියෙනවා, රවී කරුනානායකත් හැංගිලා ඉන්නේ මේ ආණඩුවේ ප‍්‍රබලයෙක්ගේ ගෙදර කියලා. ඒ වගේම මේ මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ වෝහාරික විගණන වාර්තාව මහින්ද කණ්ඩායමේ මන්තී‍්‍රවරුන්ට ගැර`ඩියන්ට භූමිතෙල් වගෙයි. විගණන පාර්තාව පිළිබඳ දින දෙකේ විවාදයේදී රාජපක්‍ෂ කණ්ඩායමේ මන්තී‍්‍රවරුන්ගේ කළබලය අපි හොඳටම දැක්කා. ඒ වගේම මේ බැඳුම්කර වෝහාරික විගණන වාර්තාවේ මහින්දගේ හොරු කණ්ඩායම රනිල්ගේ හොරු කණ්ඩායමත් දෙගොල්ලම ඉන්නවා. ඒ නිසා මේ මැතිවරණ සමයේ රවී සහ රාජපක්‍ෂ නාට්‍යය බලාගන්න ජනතාවට පුළුවන්.
එජාපයේ බල පොරයත් තනතුරු පොරයත් දිගටම තිබෙන එකක්. මේ නිසාම ඔවුන්ගේ පාලන කාලයත් අසාර්ථක එකක් බවට පත්වුණා. දැනුත් ඔවුන්ගේ එම අසාර්ථකභාවයන් පෙන්වමින් තිබෙනවා. ඒ නිසා එජාපය දැන් රට ගැනවත් ඔවුන්ගේ පාක්‍ෂිකයින් ගැනවත් හිතන්නේ නැහැ. ඒ නිසා එජාපය දියවෙලා යන තත්වයක් ඇතිවෙලා තිබෙනවා. මේ බවට එජාප පාක්‍ෂිකයින් තේරුම් ගත යුතුව තිබෙනවා. අපේ රටේ තිබෙන්නේ ප‍්‍රධාන පක්‍ෂ දෙක පමණක් නෙවෙයි. එජාපයේ බල පොරය නිසා ආණ්ඩුවට වාසියක් වෙනවා කියලා කල්පනා කරන්න ඕන නැහැ. සංවිධාන ගණනාවකින් සමන්විත ජාතික ජන බලවේගය වටා ජනතාවට ඒකරාශී වෙන්න අවස්ථාවක් දැන් උදාවෙලා තිබෙනවා.
රාජපක්‍ෂලාට වැඩ බැරි නිසා අධිකරණයට ගහන්න පටන් අරගෙන තිබෙනවා. අධිකරණයට සිදුකරන මෙම බලපෑම අපි හෙළා දකිනවා. අධිකරණයට සිදුකරන මෙම බලපෑම ජාත්‍යන්තර වශයෙන් ලංකාව වටලෑමකට හේතුවක් වෙන්න ඉඩ තිබෙනවා. බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ජිනීවාවලට ගිහින් ඔහුගේ ප‍්‍රකාශයේදී කිව්වේ 31 වගන්තියෙන් ඉවත් වෙනවා කියලා පමණක් නොවෙයි. මානව හිමිකම් පිළිබඳ කි‍්‍රයාමාර්ග ලංකාවේදී ආරම්භ කරන බව ඔහු ප‍්‍රකාශ කළා. ඒවා කළ යුත්තේ ලංකාවේ අධිකරණ මගින්. ඒ නිසා ලංකාවේ අධිකරණවලට කරන බලපෑම ජාත්‍යන්තර වශයෙන් අභියෝගයක් බවට පත්වෙන්න ඉඩ තිබෙනවා.