ඉතාලියේ කොරෝනා වසංගතය පාලනයෙන් තොර වෙයි
ඇමෙරිකානු ජනපතිගෙන් තරුණ ප්‍රජාවට ඉල්ලීමක්
මරණ සංඛ්‍යාව ඉහළ යාම සමග මහා බ්‍රිතාන්‍යයේ පාසල් වසා දමයි
චීනයෙන් එකදු කොරෝනා ආසාදිතයෙක්වත් වාර්තා වී නෑ
ලෝකය පුරා කොරෝනා ආසාදිතයින් 218,000ක් සහ මරණ 9000ක්
දෙවනි ලෝක යුද්ධයෙන් පසු ජර්මනියේ විශාලතම අභියෝගය කොරෝනා
හෙට සිට ඔස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට ඇතුළු වීම තහනම්
අද (19) සිට බලපැවැත්වෙන පරිදි නවසිලන්තයටත් හෙට (20)සිට ඔස්ට්‍රේලියාවටත් විදේශිකයන්ට ඇතුළුවීම තහනම් කිරමට එම රටවල් තීරණය කර තිබෙනවා.
නව තීරණය සම්බන්ධයෙන් නිවේදනයන් නිකුත් කරමින් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කළේ “අපි දැන් තවත් තීරණ ගත යුතුයි. තවදුරටත් ඔස්ට්‍රේලියාවේ පවුල්වල සාමාජිකයන් නොවන අයට රටට ඇතුළුවීම අප තහනම්” ෙ
“නවසීලන්ත ජාතිකයන් කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා කර ගැනීම අංක එකයි. මේ වන විට ලෝකය තුළ මේ වෛරසය ව්‍යාප්ත වෙන බව පේනවා. ඒ නිසා අපි ශක්තිමත් දේශසීමා සම්බන්ධ තීරණ ගත යුතුයි” යැයි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ආර්ඩෙන් ප්‍රකාශ කළාය.

කොරෝනා පාලනයට සියලු රටවල් හුදෙකලා විය යුතුයි – WHO
රටවල් 170කට වැඩි ප්‍රමාණයක ව්‍යාප්තව ඇති කොරෝනා වෛරසය පාලනය කිරීමට ලොව සියලුම රටවල් හුදෙකලා විය යුතු බවත්, අඛණ්ඩ පරීක්ෂණ පැවැත්විය යුතු බවත්, ප්‍රතිකාර කළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගෙබ්රෙයිසස් ඊයේ ප්‍රකාශ කළේය.
ඉතාලියේ කොරෝනා වසංගතය පාලනයෙන් තොර වෙයි

ඊයේ දිනයේ (18) පැය 24 ක් තුළ ඉතාලියෙන් වාර්තා වූ කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව 4,207කින් වැඩි වී, මුළු රෝගීන් සංඛ්‍යාව 35,713 ක් ලෙස සටහන් වූ බවත් මරණ සංඛ්‍යාව පැය 24ක් තුළ 475කින් වැඩිවී මුළු මරණ සංඛ්‍යාව 2,978 දක්වා ඉහළ ගිය බවත් ඉතාලියේ සිවිල් ආරක්ෂණ ඒජන්සිය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවල සදහන් වෙයි.
මේ අනුව ජාත්‍යන්තර වශයෙන් කොරෝන වෛරස් රෝගයේ වැඩිම ව්‍යාප්තිය සහ මරණ අනුපාතය ඉතාලිය තුළින් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඇමෙරිකානු ජනපතිගෙන් තරුණ ප්‍රජාවට ඉල්ලීමක්
ඇමෙරිකාව තුළ කොරෝනා වසංගතය පාලනය කිරීමට නම් තරුණ ප්‍රජාව සෞඛ්‍ය අංශ විසින් නිකුත් කරන උපදෙස්වලට, අවවාදවලට අවනත වීම අත්‍යවශ්‍ය බවත්, එය සාර්ථක වනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධීපතිවරයා,
“පසුගිය කාලය පුරාවට අප පැවසූ දෙයට ඔවුන් සවන් දෙනු ඇතැයි කියා මා බලාපොරාත්තු වෙනවා. ඔවුන් තැනින් තැන කල්ලි ගැසෙනවා දකින්න අපට අවශ්‍ය නෑ. ඔවුන් වෙරළ තීරයන් ඇතුළුව සහ අවන්හල්වල තවදුරටත් රැඳී සිටින ආකාරය අපට පෙනෙනවා. ඔවුන්ට එය වැටහෙන්නේ නැහැ. ඔවුන්ට මේ තත්ත්වය පරාජය කරන්න නොහැකි බවක් පෙන්වන්නේ. නමුත් තරුණ වියේදී ඔබට පරාජය කළ නොහැකි දෙයක් නැහැ. මෙතනදි ඔබ සිතා බැලිය යුත්තේ ඔබ මේ වෛරසය ගෙදර රැගෙන යාමෙන් ඔබේ දෙමවුපියන්, ඔබේ ආච්චි සීයා වෙත නපුරක් රැගෙන යා හැකි බවයි. තරුණයන්ට මෙය වැටහෙන්නේ නැහැ. එබැවින් ඔවුන් උපදෙස්වලට අවනත වීම අපට අවශ්‍යයි. එය සාර්ථක වනු ඇතැයි කියා මා විශ්වාස කරනවා.” යැයි පවසා සිටියේය.

මරණ සංඛ්‍යාව ඉහළ යාම සමග මහා බ්‍රිතාන්‍යයේ පාසල් වසා දමයි
එංගලන්තයේ සියලුම පාසල් සිකුරාදා සිට නැවත දැනුම් දෙන තෙක් වසා තැබීමට එරට රජය තීරණය කළා. ඒ අනුව ප්‍රධාන සේවකයින්ගේ හා අවදානමට ලක්විය හැකි දරුවන් රැකබලා ගැනීමේ ස්ථාන හැර පාසල් වසා දමන ලෙසයි අගමැති බොරිස් ජොන්සන් උපදෙස් දී ඇත්තේ.
මහා බ්‍රිතාන්‍ය තුළ තහවුරු කරන ලද කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව අඟහරුවාදා 1,950 සිට බදාදා 2,626 දක්වා ඉහළ අතර මරණ සංඛ්‍යාව 104 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර කොරෝනා සඳහා එක්සත් රාජධානියේ පරීක්ෂණ 56,221 ක් සිදු කර ඇති අතර ඉන් 53,595 ක් සෘණාත්මක බව තහවුරු ඇති බව සදහන්. රජය පවසන්නේ එංගලන්තයේ දිනකට සිදුකරන පරීක්ෂණ සංඛ්‍යාව දෙගුණයකට වඩා එනම් 25,000 දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බවයි.
චීනයෙන් එකදු කොරෝනා ආසාදිතයෙක්වත් වාර්තා වී නෑ
චීනය තුළ ඊයේ (18දා) කොරෝනා වෛරසය ආසාදනය වූ එකදු රෝගියෙකුවත් වාර්තා නොවුණු බව චීන මාධ්‍ය වාර්තා කරනවා. නව කොරෝනා වෛරසයේ පැතිරීමේ කේන්ද්‍රය ලෙස සැලකූ වූහාන් නගරයෙන්ද ඊයේ දිනයේ එකදු ආසාදිතයෙකුවත් වාර්තා නොවීම විශේෂත්වයක් බවයි චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
චීනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයන් 81,235 දෙනෙකු වාර්තා වී ඇති අතර, මරණ 3,250ක් වාර්තා වූ අතර ( එම මරණ අතරට හොංකොං හි මරණ 4ක් සහ තායිවානයේ මරණයක්ද ඇතුළත්ය) මේ දක්වා එරට වෛරසය ආසාදනය වූවන්ගෙන් 70,547 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබෙනවා.
චීනය තුළින් ඊයේ කිසිදු කොරෝනා ආසාදිතයෙක් වාර්තා නොවුණත් විදේශයන්ගේ සිට චීනය වෙත වෛරසය සමග ඇතුළු වූවන් 34 දෙනෙකු පමණක් හඳුනාගෙන තිබෙනවා.
චීනය තම භුමිය තුළ කොරෝනා සම්පූර්ණයෙන් පාලනය කර ඇතත් චීනය වෙත විදෙස් රටවලින් පැමිණි පුද්ගලයන් වෛරසයට ගොදුරුව පැමිණීම නිසා යළිත් වෛරසය හිස එසවීම වැළැක්වීමට චීනය වෙත පැමිණෙන සියලු දෙනා දැඩි නිරෝධායනයකට ලක්කිරීමට කටයුතු කරමින් සිටින බව චීන රජය නිවේදනය කර තිබේ.

ලෝකය පුරා කොරෝනා ආසාදිතයින් 218,000ක් සහ මරණ 9000ක්
චීනය තම රට තුළ කොරෝනා වෛරසය සම්පූර්ණයෙන් පාලනය කළ ද චීනයෙන් ආරම්භ වූ කොරෝනා වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය අඛණ්ඩව සිදුවන බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙනවා. ඒ අනුව කොරෝන වෛරසය ආසාදනය වූවන් සංඛ්‍යාව මේ වනවිට ලොව පුරා 218,000ක් ඉක්මවා ගොස් ඇති බවත් මරණ සංඛ්‍යා 9000කට ආසන්න බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා කියන්නේ.
ඉතාලිය තුළ කොරෝනා ව්‍යාප්තිය අඛණ්ඩව සිදුවන අතර දකුණු කොරියාවේ වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 8,565ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට තුළ මර්ණ 152ක් වාර්තා වුණා.

දෙවනි ලෝක යුද්ධයෙන් පසු ජර්මනියේ විශාලතම අභියෝගය කොරෝනා
කොරෝනා වසංගතය ‘‘දෙවැනි ලෝක යුද්ධයෙන්’’ පසු ජර්මනිය මුහුණ දෙන විශාලතම අභියෝගය යැයි ජාතිය අමතමින් ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මහත්මියප්‍රකාශ කළාය.
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියා මාර්ග ගන්නැයි ද ඇය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියාය.
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ සටනේදී සෑම පුරවැසියකුටම වගකීමක් හා කාර්යභාරයක් පැවැරී ඇතැයි සඳහන් කළ ඇය සෑම පුරවැසියකුගෙන්ම තමන්ට හිමි කොටස ඉටු කරන්නැයි ද ඉල්ලා සිටියාය.
‘‘තත්ත්වය ඉතාම දරුණුයි. අපි මෙය බරපතළ ලෙස ගත යුතුයි. ජර්මනිය එක්සත් විය යුතුයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ අපි කවදාවත් මේ වගේ අභියෝගයකට මුහුණ දීලා නැහැ. අපි සාමූහිකව වැඩ කරන්න ඕනෑ. අපේ සටනේ ජයග්‍රහණය තීරණය වෙන්නේ අපි කොච්චර එකමුතු ද කියන කරුණ මත. මෙයින් සාර්ථකත්වය ලබන්න පුළුවන් යැයි මා දැඩි සේ විශ්වාස කරනවා. සෑම පුරවැසියකුම තමන්ට පැවැරී තිබෙන වගකීම ඉටු කරනවා නම් එය අපට කරන්න පුළුවන්’’ යැයි ජර්මාන් චාන්ලර්වරිය කීවාය.
ජර්මානු රාජ්‍ය නායිකාව රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතීම විශේෂ තත්ත්වයක් සේ ජාත්‍යන්තර මාධ්‍ය සලකයි. වසර 15ක් මුළුල්ලේ ජර්මනිය පාලනය කරන ඇන්ජලා මර්කර් මීට දශකයට මූල්‍ය අර්බුදය ඇති වූ අවස්ථාවේදී හෝ 2015 සරණාගත අර්බුදය හෝ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වූ අවස්ථාවේදී හෝ මෙලෙස රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතුවේ නැති අතර ඇය සාම්ප්‍රදායික අලුත් අවුරුදු සුබපැතුම් ලබාදීමට පමණක් ජාතිය ඇමතීම සිදුකළාය. ඒ හැර වෙනත් කිසිදු අවස්ථාවකදී එලෙස ජාතිය ඇමතීමකට ඇය සම්බන්ධ නොවූවාය.C