ෂාරුක් ඛාන් සිය ඉදිරි චිත්‍රපට පිළිබදව ‘විශේෂ හෙළිදරව්වක්’ කරයි

ෂාරුක් ඛාන් සිය ඉදිරි චිත්‍රපට පිළිබදව ‘විශේෂ හෙළිදරව්වක්’ කරයි
Spread the love

කිං ඛාන් නැතිනම් ෂාරුක් ඛාන් ඉන්දියාවේ පමණක් නොවෙයි ලෝකයේම සිහින තරුවක්. අපේ ලංකාවෙත් ෂාරුක්ට ආදරය නොකරන කෙනෙක් නැහැ. ඒ නිසා බොලිවුඩයේ වගේම අපිත් කැමතියි ෂාරුක්ගේ අනාගත සැලසුම්, චිත්‍රපට ගැන දැන ගන්න.

ඉතිං, අපි ෂාරුක්ව අවසන් වරට රිදී තිරයේදී දුටුවේ ආන්නද එල් රායිගේ ‘සීරෝ Aanand L Rai’s Zero චිත්‍රපයෙන්. ඊට පස්සේ ෂාරුක්ගේ අලුත් චිත්‍රපටයක් අපි දැක්කේ නැහැ. මේ නිසා බොලිවුඩ් රසිකයින් ඉන්නේ මහත් කම්පාවෙන්. පිපාසයෙන්.

මේ අතර ෂාරුක් තම සුපිරි නිවසට වී තිරරචනා අධ්‍යයනය කරමින්, කියවමින් බිරිද සහ දරුවන් සමග කාලය ගත කරනවා.

ඒත් දැන් ප්‍රශ්නයක් ඇවිත්. ඉන්දියාව අගුළු දැමීම නිසා හැම දෙයක්ම නැවතිලා. චිත්‍රපට ශාලා හිස්වෙලා. දර්ශන තල වල් වැදිලා. ඒත් බොලිවුඩ් රසිකයින්ට ඒවා වැදගත් නැහැ. ඔවුන් අන්තර්ජාලය පීරමින්, යූ ටියුබ් බලමින් මේ නිහඩ කාලය ගත කරනවා. ඒ අතර බොලිවුඩයේ වෙන්නේ කුමක්ද කියලා ඇස ගසාගෙන ඉන්නවා.

ෂාරුක් ඛාන් සිය ඉදිරි ව්‍යාපෘති පිළිබඳ නිහ ile තාවය බිඳ දමයි

මේ අතර පසුගිය දා, හරියට කිව්වොත් පසුගිය 20 වැනිදා ෂාරුක් සිය රසිකයන් සමඟ ට්විටර් වෙබ් අඩවියේ #AskSRK සැසියක් පැවැත්වූවා.

මේ සමග බලාපොරොත්තු විය යුතු ලෙසම ඔහුගෙන්රසිකයෝ සරල, ඒත් තීරණාත්මක ප්‍රශ්නයක් ඇසුවා.

‘ඔබේ ඉදිරි සැලසුම් මොනවාද ? ඔබ රංගනයෙන් දායක වන ඉදිරි සිනමා පට මොනවාද ?‘

ෂාරුක්ට ඒ ප්‍රශ්නයට පිළිතුරු දීම අසීරු වුණේ නැහැ.

“ඔබ වෙහෙසට පත් නොවන්න. මම චිත්‍රපට කිහිපයක් කරන බව පැහැදිලියි … ඒවා නිපදවන බව පැහැදිලියි. තවද ඔබ සැවොම දැන ගනු ඇති බව පැහැදිලියි ” ෂාරුක් කිව්වා.

ෂාරුක් ඛාන් සත්කාරක AskSRK


මේ අතර බොලිවුඩ් ගොසිප් රචකයින් අතර පැතිර යන කතාවක් වන්නේ ‘රාජ් කුමාර් හිරානිගේ චිත්‍රපයකට ෂාරුක් සම්බන්ධ වන බවයි. ඒත් ඒ ගැන නිල තහවුරු කිරීමක් මේ දක්වා සිදුව නැහැ.

මේ අතර බොලිවුඩ් ආරංචි මාර්ග කියන්නේ ෂාරුක් තවත් අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු මුණ ගැසී ඇති බවයි.

මේ අතර ෂාරුක්ගෙන් රසිකයෙක් තවත් ප්‍රශ්නයක් ඇසුවා.

‘ඔබ හොලිවුඩ් අධ්‍යක්ෂවරුන් වන මාටින් ස්කොර්සෙස් සහ ක්‍රිස්ටෝපර් නොලන් සමඟ වැඩ කිරීමට කැමති ද?“

ෂාරුක් ඉතාමත් ප්‍රීතියෙන් ඊට පිළිතුරු දුන්නා.

“වාව් දෙදෙනාම නියමයි, මම ඔවුන්ව මුණගැසුණා … නමුත් රාජු අප්නා සා ලග්තා හයි … නහී?” හොඳයි, එහි ඉඟියක් තිබිය හැකියි!

ෂාරුක් ඛාන් එස්.ආර්.කේ.

Filmfare.com ඇසුරින් සකස් කළේ – තුෂාධවි