ස්ථූලභාව හේතුවෙන් හෘද රෝග, පිළිකා සහ දෙවන අදියරේ දියවැඩියාව ඇතුළු රෝග ගණනාවක අවදානම වැඩි වේ. මුල් කාලීන පර්යේෂණයන්ට අනුව ස්ථූලභාවය නිසා කොවිඩ් -19 ආසාදනය වූ පුද්ගලයෙකුගේ රෝගී බව වැඩි වීමේ අවදානමක් ඇත. නමුත් එය එසේ වන්නේ ඇයි?
ස්ථූලභාවය නිසා වෛරසය ආසාදනය වීමේ අවදානමක් ඇති බවට සාක්ෂි තිබේ ද?
මෙම ගැටලුව බොහෝ අධ්‍යයනවල මාතෘකාවක් වී ඇති බැවින් නිසි පිළිතුරු සොයා ගැනීමට විශේෂඥයෝ උත්සහ කරති.
- එක්සත් රාජධානියේ රෝහල්ගත කර සිටින කොවිඩ් -19 රෝගීන් 17,000 කට ආසන්න සංඛ්‍යාවකින් සිදු කරන ලද අධ්‍යයනයකදී හෙළි වූයේ ස්ථූල පුද්ගලයන් එසේ නොවන අයට වඩා 33% කින් මිය යාමේ වැඩි අවදානමක් ඇති බවය.
- එක්සත් රාජධානි සෞඛ්‍ය සේවා ඉලෙක්ට්‍රොනික සෞඛ්‍ය වාර්තා අනුව සිදුකල වෙනත් අධ්‍යයනයකින් හෙළි වූයේ ස්ථූල පුද්ගලයන් කොවිඩ් -19 ආසාදනය වීමෙන් මිය යාමේ අවදානම දෙගුණ වන බවයි. ස්ථූලභාවය සම්බන්ධ වෙනත් සෞඛ්‍ය තත්ත්වයන් වන හෘද රෝග සහ දෙවන අදියරේ දියවැඩියාව ද සැලකිල්ලට ගතහොත් අවදානම ඊටත් වඩා වැඩි වනු ඇතැයි පර්යේෂකයෝ පැවසූහ.
- එක්සත් රාජධානියේ දැඩි සත්කාර ඒකකවල බරපතළ ලෙස රෝගාතුර වූ පුද්ගලයන් පිළිබඳ අධ්‍යයනයකින් හෙළි වූයේ 34.5% කට ආසන්න ප්‍රමාණයක් අධික බරින් යුක්ත බවත්, 31.5% ක් ස්ථූලභාවයත්, 7% ක් අසාමාන්‍යය ස්ථූලභාවයෙන් පෙළෙන බවත්ය (මුළු ගණන 73%).
ගෝලීය ස්ථූලභාවයේ ඉහළ අනුපාතයන් සැලකිල්ලට ගනිමින්, ස්ථූලත්වය සම්බන්ධයෙන් ලෝක සම්මේලනය පවසන්නේ කොරෝනාවෛරසය වැළඳෙන පුද්ගලයන්ගෙන් ඉහළ ප්රතිශතයක “ශරීර ස්කන්ධ දර්ශකය 25 ට වැඩි” බවය. එය වැදගත් සාධකයක් බව එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ඉතාලිය සහ චීනය යන රටවල මුල් කාලීන අධ්‍යයනවලින් පෙනී යයි.
ශරීර ස්කන්ධ දර්ශකය ගණනය කරනු ලබන්නේ යමෙකුගේ බර කිලෝග්‍රෑම්වලින් ගණනය කර එය උස වර්ග මීටරවලින් බෙදීමෙනි.
වයසට යාම, මිනිසෙකු වීම මෙන් ම පවතින සෞඛ්‍ය ගැටලු සියල්ල ම කොවිඩ් -19 ආසාදනයෙන් වඩාත් බරපතළ ලෙස රෝගාතුර වීමේ අවදානම වැඩි කරයි.
ස්ථූලභාවය අවදානමක් වන්නේ ඇයි?
ඔබේ ශරීරය වැඩි බරකින් යුක්ත වන තරමට, වැඩි මේද ප්‍රමාණයක් රැදී තිබේ. මෙමගින් ඔබේ ශරීර ශක්තිය හීන වන අතර, පෙනහලු ධාරිතාව ද අවම කරයි. මෙයින් අදහස් වන්නේ රුධිරයට හා ශරීරයට ඔක්සිජන් ලබා ගැනීමේදී බලවත් පරිශ්‍රමයක් දැරිය යුතු බවය. මෙම තත්ත්වය හෘදයට හා රුධිර ප්රවාහයට ද බලපායි.
“මිනිසුන් අධික බරකින් සිටින විට ඔවුන්ට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඔවුන්ගේ ශරීර පද්ධතිය දැඩි පීඩනයකට ලක් වෙනවා,” යැයි ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නවීඩ් සත්තාර් පැවසීය.
කොරෝනාවෛරසය වැනි ආසාදන තත්ත්වයකදී මෙය බරපතළ විය හැකිය.
“අවසානයේදී ප්‍රධාන අවයවවලට ඔක්සිජන් නොලැබීම නිසා ස්ථූල ශරීරය අක්‍රිය විය හැකියි” රේඩින්ග් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ඩයන් සෙල්ලයා පවසයි.
දැඩි සත්කාර ඒකකයේ සිටින අධික බර සහ ස්ථූල පුද්ගලයින්ට හුස්ම ගැනීමට සහ වකුගඩු ක්‍රියාකාරිත්වයට වැඩි සහයක් අවශ්‍ය වීමට එය එක් හේතුවකි.
මේද සෛල ඉටු කරන කාර්යභාරය කුමක් ද?
වෛරසයට ශරීරයට ඇතුළු වීමට ප්‍රධාන ම ක්‍රමය සෛල තුළ ඇති ACE2 නම් එන්සයිමය බව විද්‍යාඥයන් සොයාගෙන තිබේ.
මේද පටකවල මෙවැනි අණු ඉහළ ප්‍රමාණයක් ඇති බව විශ්වාස කෙරේ. ස්ථූල පුද්ගලයන්ගේ සම යටි කොටසේ සහ ශරීර අවයව වටා මේද පටක වැඩි ප්‍රමාණයක් පිහිටා තිබේ.
ඔවුන්ට රෝගය වැළඳීමේ වැඩි අවදානමක් සහ බරපතළ ලෙස රෝගී වීමේ වැඩි අවදානමක් ඇති වීමට මෙය එක් හේතුවක් විය හැකිය.
ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපා තිබේ ද?
අන් සියල්ලට ම වඩා, ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය ලෙස හැඳින්වෙන, වෛරසයට එරෙහිව සටන් කිරීමට ශරීරයට ඇති හැකියාව තරබාරු පුද්ගලයින් තුළ හොඳ මට්ටමක නොමැත.
macrophages නම් ප්‍රතිශක්තිකරණ සෛල මගින් ඇති වන ප්‍රදාහය අපගේ මේද පටක ආක්‍රමණය කිරීම මෙයට හේතු වේ. ආසාදනවලට අපගේ සෛල ප්‍රතිචාර දක්වන ක්‍රියාදාමයට මෙමගින් බාධා එල්ල වේ.
විද්‍යාඥයන් පවසන පරිදි, මෙය ‘cytokine කුණාටුවකට’ හේතු විය හැකිය. මෙමගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අධික ලෙස ප්‍රතික්‍රියා කර ප්‍රදාහය සහ වෙනත් බරපතළ හානි වීමට ඉඩ ඇත.
විශේෂ වර්ගයේ මේද පටක මෙම macrophage නම් ප්‍රතිශක්තිකරණ සෛල ආක්රමණවලට ගොදුරු වේ. කළු, අප්‍රිකානු සහ ආසියානු පසුබිම්වල පුද්ගලයින් තුළ මෙම වර්ගයේ පටක වැඩි ප්‍රමාණයක් ඇති අතර, ඔවුන් තුළ “දියවැඩියාව ඉහළ ගොස් වෛරසයට ගොදුරු වීමේ අවදානම වැඩි වීමට හේතු වෙලා තිබෙනවා” යනුවෙන් වෛද්‍ය ඩයන් සෙල්ලයා පවසයි.
වෙනත් සැඟවුණු ගැටලු තිබිය හැකි ද?
ස්ථූලභාවයත් සමග දුර්වල හෘදයක් හෝ පෙනහලු, දුර්වල ලෙස ක්‍රියා කරන වකුගඩු හෝ දෙවන අදියරේ දියවැඩියාව වැනි වෙනත් සෞඛ්‍ය ගැටලු ඇති වේ.
කොවිඩ් -19 වැනි දරුණු ආසාදනයක් වර්ධනය වන තුරු මෙවැනි රෝගී තත්ත්වයන් අනාවරණය නොවිය හැකි අතර ඒ සියල්ලෙන් ම ශරීරයට අමතර පීඩනයක් ඇති කරයි.
රුධිර කැටි ගැසීම් වර්ධනය වීමට ද වැඩි ඉඩක් ඇති නමුත් එයට හේතුව පැහැදිලි නැත.
රෝහලේ ප්‍රතිකාර ලැබිය හැකි ද?
ස්ථූලභාවයෙන් පෙළෙන රෝගීන්ට දැඩි සත්කාර ප්‍රතිකාර ලබාදීමේදී අභියෝගවලට මුහුණ පෑමට සිදුවනු ඇත. හුස්ම ගැනීම පහසු කිරීමේ යන්ත්‍ර සවි කිරීමේ දී මෙන්ම ස්කෑන් පරීක්ෂණවල දී බර සම්බන්ධයෙන් පවතින සීමා මෙහි දී ගැටලුසහගත තත්වයක් බවට පත් විය හැකිය.
අධික බර රෝගීන් හුස්ම ගැනීමේ පහසුව සඳහා හැරවීම හෝ නැඹුරු කරවීම අපහසු කාර්යයක් විය හැකිය.
නිරෝගීව සිටීමට කුමක් කළ හැකි ද?
සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් අනුභව කිරීම සහ නිතිපතා ව්‍යායාම කිරීම නිරෝගීව සිටීමට හැකි හොඳ ම ක්‍රමයයි.
සමාජ දූරස්ථභාවය පවත්වාගත යුතු වුව ද වේගයෙන් ඇවිදීම, දිවීම සහ බයිසිකල් පැදීම හොඳ විකල්ප වේ.
එසේ නොමැති නම්, සෙමින් ආහාර ගැනීමට උත්සහ කිරීම තුළින් අධික ලෙස ආහාර ගැනීමට පෙළඹවිය හැකි තත්ත්වයන් වළක්වා ගත හැකිය.
මෙම ලිපිය බී.බී.සී. සන්දේශය වෙතින් සම්පූර්ණයෙන්ම උපුටා ගන්නා ලද්දකි – ඡායාරූප පමණක් වෙනස් කර ඇත. – ප්‍රධාන සංස්කාරක