පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ එක්දින සහ T20 නායකත්වයට පිතිකරු බාබර් අසාම් පත් කළ බවත් 2020/2021 තරඟ කාලසීමාවේදී ඔහුගේ නායකත්වය යටතේ එක් දින කණ්ඩායම තරඟ කරන බවත් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය අද (14) නිවේදනය කළා. පාකිස්ථාන ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය අසාර් අලීට හිමි වී ඇති අතර පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ගත් මේ තීන්දුව නිවැරදි බව පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිස්බා උල්හක් සදහන් කළා.
පාකිස්තාන එක්දින සහ T20 නායකත්වයට බාබර් අසාම්
