ලෝකයේ ඉහළම වැටුප් ලබන පුද්ගලයින් අතරට බොලිවුඩ් සුපිරි තරුවක්

ලෝකයේ ඉහළම වැටුප් ලබන පුද්ගලයින් අතරට බොලිවුඩ් සුපිරි තරුවක්
Spread the love

Kylie Jenner

සුප්‍රිසිද්ධ ෆෝබ්ස් සඟරාව (Forbes) විසින් 2020 වසරට අදාළව ඉහළම වැටුප් ලබන පුද්ගලයින්ගේ ලැයිස්තුව පසුගිය දා ප්‍රකාශයට පත් කළා. මෙම ලැයිස්තුවේ ඉහළින්ම පසුවන්නේ ඩොලර් මිලියන 590 ක ඉපැයීම් ලබන මාධ්‍යවේදිනියක සහ රියැලිටි ෂෝ තරුවක් වන අමෙරිකාවේ කයිලි ජෙනර් යි. 

මේ අතර ෆෝබ්ස් 2020 ලෝකයේ වැඩිම වැටුප් ලබන කීර්තිමත් පුද්ගලයින්ගේ ලැයිස්තුවට ඉන්දියානුවෙක් ද ඇතුළත්ව සිටිනවා. ඔහු සුපිරි බොලිවුඩ් නළු අක්ෂේ කුමාර් වීම ද විශේෂත්වයක්.

අක්ෂේගේ ආදායම ඩොලර් මිලියන 48ක් වන අතර එම තත්ත්වය මත ඔහු, වැඩිම වැටුප් ලබන කීර්තිමත් පුද්ගලයින් සියය දෙනාගේ ලැයිස්තුවේ 52වන ස්ථානයට හිමිකම් කියනවා.

ෆෝබ්ස් ලැයිස්තුවේ අක්ෂේ කුමාර්ව හඳුන්වා දී ඇත්තේ ‘බොලිවුඩයේ ඉහළම ආදායම් ලබන තාරකාව’ සහ ‘ඉන්දියාවේ වඩාත්ම පරාර්ථකාමී කීර්තිමත් පුද්ගලයෙක්’ ලෙසයි.  කේසරි, මිෂන් මංගල්, හවුස්ෆුල් 4 සහ ගුඩ් නිව්ස් වැනි චිත්‍රපට සමඟ පසුගිය වසරේ සාර්ථක බොලිවුඩ් ජයග්‍රහණයන් කිහිපයකින් පසුව අක්ෂේ මේ තත්ත්වයට පත් වූ බවයි ෆොබස් සගරාව කියන්නේ.