The Lord of the Rings: ශ්‍රීමත් ඉයන් හෝම් දිවි රගමඩලට සමුදෙයි

The Lord of the Rings: ශ්‍රීමත් ඉයන් හෝම් දිවි රගමඩලට සමුදෙයි
Spread the love

ද ලෝඩ් ඔෆ් ද රින්ග්ස් The Lord of the Rings චිත්‍රපටවල බිල්බෝ බග්ගින්ස් (Bilbo Baggins) චරිතය රඟපෑ වේදිකා සහ චිත්‍රපට නළු ශ්‍රීමත් ඉයන් හෝම් (Sir Ian Holm) අද (19) දින මියගිය බව ඔහුගේ ප්‍රකාශකයෙක් තහවුරු කළා.

ශ්‍රීමත් ඉයන් මිය යන විට 88 වැනි වියේ පසු වූ බවයි ඔහු සදහන් කළේ.

“පාකින්සන් රෝගය හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ශ්‍රීමත් ඉයන් හෝල්ම් අද උදෑසන අභාවප්‍රාප්ත වුණා. ඔහු මිය යන විට ඔහු සමීපයේ පවුලේ ඥාතීන් ද සිටියා. ඔහුගේ මරණය බොහොම සාමකාමී එකක් ” ඔහුගේ නියෝජිතයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

සර් ඉයන් හෝම්
සර් ඉයන් වෘත්තීය ජීවිතය ආරම්භ කළේ වේදිකා නළුවෙකු ලෙසය.

The Madness of King George චිත්‍රපටයේ ආචාර්ය විලිස් ලෙස රඟපෑ හෝම් එහිදී අමතක නොවන රංගනයක් ඉදිරිපත් කළේය.

ජාතික රගහල ශ්‍රීමත් ඉයන් “අසාමාන්‍ය නළුවෙකු extraordinary actor” ලෙස නම් කළ අතර 1997 දී කිං ලයර් (King Lear) ලෙස රඟපෑමෙන් “අපූරු මතකයන්” නිර්මාණය කළ බව ද පැවසුවේය.

ශ්‍රීමත් ඉයන් 1965 දී හැරල්ඩ් පින්ටර්ගේ ද හෝම්කමිං (The Homecoming) හි ලෙනීගේ චරිත රගපාමින් චිත්‍රපට කලාවට පිවිසි අතර වසර අටකට පසු චිත්‍රපටයේ ඔහුගේ රංගනය නැවත ප්‍රතිනිර්මාණය කළේය.

චෙරි ඕකිඩ් හි ජූඩි ඩෙන්ච් සහ ඉයන් හෝම්
හොල්ම් ජූඩි ඩෙන්ච් සමඟ චෙකොව්ගේ Chekhov’s The Cherry Orchard හි රඟපෑවේය

කෙසේවෙතත්, 1976 දී ද අයිස්මන් කොමෙට් නිෂ්පාදනය අතරතුරදී ඔහු වේදිකාවට සමු දුන්නේය.

ඔහු ද ෆිෆ්ට් එලේමන්ට් සහ ලෝඩ් ඔෆ් ද රින්ග්ස් වැනි ඉහළ පෙළේ චිත්‍රපටවල විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කළ අතර ඉන් ඉහළ කීර්තියක් දිනා ගත්තේය.

ඔහුට 1981දී Chariots of Fire චිත්‍රපටයේ රග පෑ චරිතය වෙනුවෙන් ‘හොදම සහාය නළුවා‘ට හිමි ඔස්කාර් සම්මානය ලැබුණේය.

1968 දී The Bofors Gun චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඔහු බැෆ්ටා (Bafta) සම්මානයක් දිනා ගත්තේය.

2000 දී ලොස් ඇන්ජලීස් ටයිම්ස් (Los Angeles Times) පුවත්පතට අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය. “මම සිනමා තරුවක් නොවෙයි. එනිසා මිනිසුන් හැම විටම මගෙන් එකම දේ බලාපොරොත්තු වන්නේ නැහැ‘

නාට්‍ය කලාව සඳහා ඔහු දැක්වූ දායකත්වය වෙනුවෙන් 1998 දී ඔහුට නයිට් පදවියක් ලැබුණි.

සර් ඉයන් හෝම්, මයිකල් බ්‍රයන්ට් සමඟ කිං ලයර් හි
ඔහු 1997 දී කිංග් ලර්න් නැෂනල් King Lear at the National හි රඟපෑමට වේදිකාවට පැමිණියේය

විකට නළුවෙකු වන එඩී ඉසාර්ඩ් ශ්‍රීමත් ඉයන් “අපූරු නළුවෙකු” ලෙස සිහිපත් කරමින්, “ඔහු යනවා දැකීම කණගාටුවට කරුණක් බව කීවේය.

අධ්‍යක්ෂ එඩ්ගර් රයිට් ශ්‍රීමත් ඉයන්ගේ අභාවය ගැන අදහස් දක්වමින් ඔහු ‘දක්ෂ නළුවෙක්” ලෙස හැඳින්වීය.

ලීග් ඔෆ් ජෙන්ට්ල්මන්  (League of Gentleman) තරුව රීස් ෂියර්ස්මිත් (Reece Shearsmith) ට්වීට් පණිවුඩයක් නිකුත් කරමින් ‘ඔහු සිය ජීවිත කාලය තුළ ඇදහිය නොහැකි රංගනයක් ඉදිරිපත් කළ බව‘ සදහන් කළේය.

සුපිරි බොලිවුඩ් නළු රොබට් වෙබ් ශ්‍රීමත් ඉයන්ගේ අභාවය ගැන අදහස් දක්වමින් ‘ඔහු අපූරු නළුවෙක්. ඔහුගේ නික්ම යාම කනගාටුවට කරුණක් ‘බව සදහන් කළේය.

බී.බී.සී ඇසුරිණි