දියවන්නා කතා: උ/නැ ‘කොටි රූඩකවලට’ අභියෝග කරන්න ප්‍රසන්න යළි සූදානම්

දියවන්නා කතා: උ/නැ ‘කොටි රූඩකවලට’ අභියෝග කරන්න ප්‍රසන්න යළි සූදානම්
Spread the love

මගේ ළග මෛත්‍රී ජනාධිපති වෙලා ඉන්නකොට කරපු දේවල් වල රෙකෝඩින් තියෙනවා සර්. මිනිහා ඔය කියන තරම් ශුද්ධවන්තයෙකු නෙමේ. මම වෙලාවට ඔය ටික සර්ට දෙන්නම්කෝ..”. ප්‍රසන්න මහින්දට කීවේය.

සටහන – ගජබා නාගහවත්ත

ඇමති ප්‍රසන්න රණතුංග පහුගිය සදුදා ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටු අපේක්ෂක කණ්ඩායම සිය නිවසට කැදවා තිබුණු ඉදිරි දේශපාලන කටයුතු පිළිබද සාකච්ඡාවටය. ප්‍රසන්න එහි දී පහුගිය ජනාධිපතිවරණය දිනයේ සිදු වූ සිදුවීමක් සිහිපත් කළේ ය.

“ජනාධිපතිවරණයට පහුවදාට පහුවදා පාන්දර මම හිටියේ පත්තලෙගෙදර ඡන්දය ගණන් කරන තැන. මට මහින්ද මහත්තයා කථා කරලා ඇහුවා වැඩි ඡන්ද කීයක් තියෙයි ද ගම්පහ කියලා. මම කිව්වා ලක්ෂ 03 පනී කියලා”. ප්‍රසන්න කීවේය.

“ඉතිං ඉතිං” ලාන්සා ප්‍රසන්නව කථාවට තවත් උනන්දු කළේය.

“පාන්දර 03 විතර වෙනකොට උතුරු නැගෙනහිර ප්‍රතිඵල කිව්වා. ලොකු ගාණකින් සජිත් දිනලා.” ආයෙත් මහින්ද මහත්තයා මට කථා කළා. “දැන් කොහොමද?” මහින්ද මහත්තයා ඇහුවා.

“මම කිව්වා දැන් ලක්ෂ දෙකාමාර පැනලා. තව කාමර 20 ක ගණන් කරන්න තියෙනවා කියලා. “

“ඒ කියන්නේ නිළ ප්‍රතිඵල නෙමෙයි”. සහන් ඇසුවේය.

“ නෑ.නෑ. අපි දාලා තිබුණනේ ගණන් කරන තැන් වලට වෙන ම අපේ අය. ඒ අය තමයි මට කාමර වල ගාණ කිව්වේ” . ප්‍රසන්න උත්තර දුන්නේය.

ඒකනේ මම කියන්නේ මේ පාරත් උතුරු නැගෙනහිරට වඩා අපි ඡන්ද ගන්න ඕනේ. ගම්පහ දිනෙව්වොත් තමයි රටම දිනන්නේ. අපි හැමෝම එකා වගේ එකට මහන්සි වෙන්න ඕනේ”. ප්‍රසන්න කීවේය.

“ මහින්ද මහතත්යා කිව්වේ ලක්ෂ 03 ක් ගත්තොත් ඇති. සෙකන්ඩ් කවුන්ට් එකකට යන්න වෙන්නේ නෑ කියලා. කොහොමහරි පාන්දර 04 වෙනකොට ඡන්ද ලක්ෂ 03 පැන්නා. 05.30 වෙනකොට ලක්ෂ තුනහමාර පැන්නා. ප්‍රසන්න කියාගෙන ගියේය.

“ඒ කියන්නේ ගම්පහ ලක්ෂ 03 පැනපු නිසා තමයි සෙකන්ඩ් කවුන්ට් එක නතර වුණේ”.

“ ඔව්. ඒක තමයි ඇත්ත කථාව. ගම්පහ වැඩි ඡන්ද දසලක්ෂ හැටඑක්දාහක් ගත්තා. අපි ගත්ත ඡන්ද වලින් ඒ ගාණ අඩු කරපුවාම ගෝඨාභය මහත්තයාට 51%ක නෑ. 47% තියෙන්නේ. එහෙම වුණානම් සෙකන්ඩ් කවුන්ට් එකට යන්න වෙනවා. ජෙවිපි එකයි, එන්.ජී.ඕ සෙට් එකයි දෙවැනි මනාපය  දීලා තිබුණේ සජිත්ට”. ප්‍රසන්න කීවේය.

“ඒක තමයි හරීන්ලාට මළ පැනලා තියෙන්නේ. එයාලා හිතන් ඉදලා තියෙන්නේ සෙකන්ඩ් කවුන්ට් එකෙන් ගොඩ යන්න”. ලාන්සා කීවේය.

“ ඒකනේ මම කියන්නේ මේ පාරත් උතුරු නැගෙනහිරට වඩා අපි ඡන්ද ගන්න ඕනේ. ගම්පහ දිනෙව්වොත් තමයි රටම දිනන්නේ. අපි හැමෝම එකා වගේ එකට මහන්සි වෙන්න ඕනේ”. ප්‍රසන්න කීවේය.

මගේ ළග මෛත්‍රී ජනාධිපති වෙලා ඉන්නකොට කරපු දේවල් වල රෙකෝඩින් තියෙනවා සර්. මිනිහා ඔය කියන තරම් ශුද්ධවන්තයෙකු නෙමේ. මම වෙලාවට ඔය ටික සර්ට දෙන්නම්කෝ..”. ප්‍රසන්න මහින්දට කීවේය.

මෛත්‍රීගේ දූෂණ ෆයිල් ප්‍රසන්න ළග

ඇමති ප්‍රසන්න දිගින් දිගටම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට දැන් ප්‍රහාරයක් එල්ල කරමින් සිටි. පසුගිය සතියේ ප්‍රසන්න කීවේ මෛත්‍රී ජනාධිපති සමයේ කළ දූෂණ තොරතුරු තමන් සතු බවයි. මෛත්‍රී ඔය කියන තරම් ශුද්ධවන්තයෙකු නොවන බව කී ප්‍රසන්න ඒ පිළිබද ව සාක්ෂි තමන් සතු බව කීවේය. ප්‍රසන්නගේ මේ කථාව අගමැති මහින්දට ද දැනගන්නට ලැබී තිබුණි. පහුගිය බදාදා පැවති කැබිනට් මණ්ඩල හමුව අතරතුර මහින්ද ප්‍රසන්නගෙන් මේ ගැන ඇසුවේය.

“මගේ ළග මෛත්‍රී ජනාධිපති වෙලා ඉන්නකොට කරපු දේවල් වල රෙකෝඩින් තියෙනවා සර්. මිනිහා ඔය කියන තරම් ශුද්ධවන්තයෙකු නෙමේ. මම වෙලාවට ඔය ටික සර්ට දෙන්නම්කෝ..”. ප්‍රසන්න මහින්දට කීවේය.

මහින්ද ප්‍රසන්නගෙන් ඊට එහා ඒ ගැන ඇසුවේ නැත.

කිවු ලෙස ම ප්‍රසන්න බදාදා කැබිනට් මණ්ඩලයට මෙම ඉල්ලීම ඉදිරිපත් කළේය.”සර්. මගුල් ගෙවල්වලට සහභාගී වන ගාණ අඩුම තරමින් 200 ක් 250 ක් කරන්න කියලා ලොකු ඉල්ලීමක් තියෙනවා. ඒ ගැන යමක් කරනවා නම් හොදයි”. ප්‍රසන්න කීවේය.

උත්සව ශාලා හිමියන්ගෙන් ප්‍රසන්නට මල් පිට මල්

ඇමති ප්‍රසන්න රණතුංගට පසුගිය අගහරුවාදා විශේෂ ආරාධනයක් ලැබී තිබුණි.  ඒ උත්සවශාලා හිමියන් හා ආහාරපාන සපයන්නන් සමග සාකච්ඡාවකට ය. ඇරයුම ලැබී තිබුණේ සහන් ප්‍රදීප් විතාන පළාත් සභා මන්ත්‍රීවරයා හරහාය. ප්‍රසන්න පිළිගැනීමට මගුල් බෙර කණ්ඩායමක් ද සංවිධායකවරු ගෙන්වා තිබුණි. සාකච්ඡාවට එමින් තිබු ප්‍රසන්නට මේ පිළිබද ව දැනගන්නට ලැබුණි. ඔහු වහා සහන්ට ඇමතුමක් ගත්තේය.

“මොකක්ද ඔයාලා ඔය කරන්න හදන්නේ”. ප්‍රසන්න ඇසුවේය.

“නෑ සර්. මේ අය ඔබතුමාව පිළිගන්න මගුල් බෙර කණ්ඩායමක් දාලා.”

“මම ඔවාට කැමති නෑ කියලා ඔයා දන්නවනේ. ඔය බෙර ගහගෙන ඔයා යන්න. මම හිමීට එන්නම්” ප්‍රසන්න කීවේය. සහන් ද වැඩේ අතෑරියේ නෑ. ප්‍රසන්න එනවිට ඔහුට නොපෙනෙන තැනක මගුල් බෙර කණ්ඩායම රැද වූ සහන් ඔහු වාහනයෙන් බසින විට ම ඔවුන් ය ගෙන්වා ගත්තේය.

රැස්වීමේ දී එහි සිටි අයගේ ඉල්ලීම වුණේ විවාහ මංගල උත්සව වලට සහභාගී වීමට සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති 100 සීමාව ඉවත් කිරීමය. එය 200 දක්වා වැඩි කරන්නැයි ඔවුන් ඇමති ප්‍රසන්නගෙන් ඉල්ලා සිටියහ.  තමන් මේ පිළිබද ව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනටමත් ඉල්ලීමක් කර ඇතැයි කී ප්‍රසන්න පසුදින කැබිනට් මණ්ඩලයේ දී ඒ ගැන කථා කරන බව ද කීවේය.

කිවු ලෙස ම ප්‍රසන්න බදාදා කැබිනට් මණ්ඩලයට මෙම ඉල්ලීම ඉදිරිපත් කළේය.”සර්. මගුල් ගෙවල්වලට සහභාගී වන ගාණ අඩුම තරමින් 200 ක් 250 ක් කරන්න කියලා ලොකු ඉල්ලීමක් තියෙනවා. ඒ ගැන යමක් කරනවා නම් හොදයි”. ප්‍රසන්න කීවේය.

“ අපි මේ ගැන සොයා බලාගෙන යනවා”. පවිත්‍රා ඇමතිවරිය කීවාය.

“ඔව් දැන් රට යථා තත්ත්වයට පත්වෙමින් තියෙන එකේ ඔය සීමා ටික ටික පරිස්සමින් ලිහිල් කරන්න ඕනේ. ඒ ගැන ඉක්මණින් පියවරක් ගන්න ඕනේ”. අගමැති මහින්ද කීවේය.

ඔන්න ඔයාගේ කැබිනට් පේපර් එක ලබන සතියේ දානවා. නැත්නම් මට කණක් ඇහිලා ඉන්න නෑනේ”. බන්දුල කීවේ ගම්පහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීම ගැනය.

ප්‍රසන්නගේ තවත් හීනයක් සැබෑ වෙයි

කැබිනට් මණ්ඩල අවසානයේ මහින්ද ප්‍රසන්නට කථා කර ආරාධනයක් කළේය.

“ ප්‍රසන්න  ඔයාට පහසු වෙලාවක හම්බන්තොටට ඇවිත් රැස්වීමකට දෙකකට සහභාගී වෙලා යන්න”. මහින්ද කීවේය.

“හරි සර්. මම ඕන වෙලාවක එන්නම්. ඒක මට ගෞරවයක්”. ප්‍රසන්න කීවේය.

මහින්ද සහ ප්‍රසන්න කථාබහ කරමින් සිටි තැනට ඇමති බන්දුල ආවේ පොඩි නෝක්කාඩුවක් කියමිනි.

“ඔන්න ඔයාගේ කැබිනට් පේපර් එක ලබන සතියේ දානවා. නැත්නම් මට කණක් ඇහිලා ඉන්න නෑනේ”. බන්දුල කීවේ ගම්පහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීම ගැනය.

“ඒක ඉක්මණට දාන්න කියලයි මම කිව්වෙත්”. ප්‍රසන්න සිනාසෙමින් කීවේය.

“ඔව්.ඔව්. ප්‍රසන්න වැඩකට බැස්සොත් කරලම තමයි පස්ස බලන්නේ”. මහින්ද බන්දුලට කීවේ සිනාසෙමින් ය.