2011 වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරඟයේදී ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් සාක්‍ෂි ලබාගැනීම පිණිස 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර මහතා ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට හෙට (02) පෙරවරු 9.00ට කැඳවා තිබෙන බව එම ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා පවසනවා.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මේ බව සදහන් කළ ෆොන්සේකා මහතා වැඩි දුරටත් කියා සිටියේ එම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවකු වූ උපුල් තරංගගෙන් ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද (01) පෙරවරුවේ පැය තුනක් ප්‍රකාශ ලබා ගත් බවයි.