ජර්මයින් බ්ලැක්වුඩ් කොදෙව් ජයග‍්‍රහණය තහවුරු කරයි

ජර්මයින් බ්ලැක්වුඩ් කොදෙව් ජයග‍්‍රහණය තහවුරු කරයි
Spread the love

එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරඟයෙන් කඩුළු 4ක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබා ගැනීමට ඊයේ (12) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. ඒ සමග තරග 03කන් සමන්විත එංලගන්ත – බටහිර ඉන්දිය ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස කොදෙව් කණ්ඩායම ඉදිරියෙන් පසු වෙනවා.

එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හි අවසන් දිනයේදී ලකුණු 200ක පහසු ඉලක්කයක් හඹා ගිය කොදෙව් පිතිකරවෝ තරඟයේ පළමු භාගයේදී ලකුණු 27කට කඩුළු 03ක් දැවී ගොස් අසීරු තත්ත්වයක පසුවෙද්දී පිටියට පිවිසි ජර්මේන් බ්ලැක්වුඞ්ස් විශිෂ්ඨ ඉනිමක් ක‍්‍රීඩා කරමින් කොදෙව් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියා. පන්දු 154කට මුහුණ දුන් ජර්මේන් හතරේ පහර 12කින් තම ලකුණු 95 වර්ණවත් කළා.

අවසන් දිනයේදී ජෙෆ්රා අවාර් ඇතුළු වේග පන්දු යවන්නන්ගේ දැඩි පීඩනයකට මුහුණ දුන් කොදෙව් පිතිකරුවන් දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ලකුණු 35කට කඩුළු 03ක් දැවී ගොස් දැඩි පීඩනයක සිටියත් දිවා ආහාරයෙන් පසුව තේ පානය සඳහා තරගය නතර කරන විට එම පීඩනයෙන් මිදීමට සමත්ව සිටියා.

ඒ අනුව තේ පාලනය සඳහා තරගය නතර කරන විට කඩුළු 04කට ලකුණු 108ක් දක්වා සිය ඉනිම ඔසවා තැබීමට කොදෙව් පිතිකරුවන් සමත් වුණා. තේ පානයෙන් පසුව ජයග‍්‍රාහී ඉලක්කය කරා යාමට ක්‍රෙග් සහ ජෝන් කැම්බල් උත්සාහ කළ ද ජෙෆ්රා අවාර්ගේ පන්දුවක් වැඳීමෙන් පාදයේ අස්ථි ප‍්‍රදේශයේ බිඳීමක් සිදුවූ හෙයින් කැම්බල්ට තාවකාලිකව පිටියෙන් ඉවත් වීමට සිදු වුණා. නමුත් තරගයේ ජයග‍්‍රාහී ලකුණ වාර්තා කිරීමට යළි පිටියට පිවිසි කැම්බල්ට හැකිවීම විශේෂත්වයක්.

තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එංගලන්ත නායක බෙන් ස්ටොක්ස් මෙසේ කියා සිටියා – ‘එය ඉතා අසීරු ටෙස්ට් තරඟයක්. පස්වන දින දක්වා ක්‍රීඩා කළ හැකි සෑම විටම එය විශිෂ්ටයි\ ක්‍රිකට් ක්‍රීඩා කරන මට්ටම අතිශය අසාමාන්‍යයි’

ඓතිහාසික ජයග‍්‍රහණයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් මෙසේ සඳහන් කළා. ‘මට ඇත්තටම සතුටුයි. අපේ කණ්ඩායම කළ යුතු හොඳම දේ කළා. ඔවුන් ඔවුන්ගේ මහන්සියේ, කැප වීමේ ප‍්‍රතිඵල නෙළා ගත්තා‘