බොලිවුඩය කැළඹු ප්‍රියංකා චොප්රාගේ සුපිරි ඡායාරූපය මෙන්න

බොලිවුඩය කැළඹු ප්‍රියංකා චොප්රාගේ සුපිරි ඡායාරූපය මෙන්න
Spread the love

සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා ජොනාස් කියන්නේ තම රසිකයින් සමග සේම පැපරාසීන් වෙත ද එකසේ සුහද ආකල්පයක් දක්වන නිළියයක්. විශේෂයෙන් පැපරාසි ඡායාරූප ශිල්පීන්ගේ අරමුණ ගැන මනාව දන්නා ඇය ඔවුන්ට වඩාත් හොද ඡායාරූපයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙනවා.

ඒ නිසා ප්‍රියංකාගේ රතු කාපට් මත පෙනුම පමණක් නොව ඇගේ ගුවන්තොටුපල පෙනුම, නිවසේ පෙනුම, නිවාඩු පෙනුම සහ මුළුතැන්ගෙයි පෙනුම පවා බොලිවුඩ් රසිකයින් අතර මහත් උන්නදුවක් ඇති කිරීමට සමත් වෙනවා. 

කොවිඩ් වසංගතය නිසා බොලිවුඩය අගුළු ලා ඇති බැවින් ප්‍රියංකා මේ දිනවල ජීවත් වෙන්නේ තම සැමියා සමග ලොස් ඇන්ජලීස් නුවර. ඒත් බොහෝ ඈත සිටියත් ඇය තම රසිකයින් සමග පවත්වන සුහද – මිත්‍රශීලී සම්බන්ධය අඛණ්ඩව පවත්වා ගෙන යාමට පියවර ගත්තා.

මේ අතර ප්‍රියංකා පසුගිය දා සිය නවතම ඉන්ස්ටග්‍රෑම් සටහන සමග සිය රසිකයින් කුල්මත් කළා. එය දස ලක්ෂ ගණන් පිරිසකගේ ක්ෂණික අවධානයට ලක් වුණා.

ඇයගේ මේ ඡායාරූපය අපගේ ද අවධානයට ලක් වූයේ ඇය එහි ඉතා සුන්දර ලෙස පෙනෙන නිසයි්‍

ප්‍රියංකගේ මෙම ඡායාරූපය සමග ඇයගේ විලාසිතාව ද දැඩි අවධානයක් දිනා ගත්තා. ඒ නිසා අපි ඒ විලාසිතාව ගැනත් කෙටි සටහනක් තැබීමට තීරණය කළා.

පොල්කා තිත් සහිත ඇඳුම – Polka-dotted dress

ප්‍රියංකා චොප්රා තෝරාගත්තේ පොල්කා තිත් සහිත කළු සහ සුදු ඇඳුමකි. එය ඇයට මනාව ගැළපෙන අතර කිසියම් සරාගී බවක් ද එක් කරයි.

මැට් නිය ආලේපන – Matte nail polish

ප්‍රියංකා මෘදු බෙරී මැට් නිය ආලේපනයක් (soft berry matte nail polish) තෝරා ගත් අතර එමඟින් පෙනුම අවශ්‍ය ප්‍රමාණය වැඩි විය.

රෝස තොල් -Rosy lips

දැවෙන හිරු යට ඇගේ මුහුණ නැවුම් හා සිනිඳු පෙනුමක් ලබා ගැනීම සඳහා ප්‍රියංකා තම තොල් මත රෝස පැහැති කහ පැහැති ඉරක් තෝරා ගත්තාය.


සිනිඳු අව් කණ්ණාඩි යුගලයක් – Sleek pair of sunglasses

ඇගේ චතුරස්රාකාර අව් කණ්ණාඩි පෙනුමට අවශ්‍ය අගය එකතු කළ අතර ගිම්හාන කාලය තුළ සූර්යයාගේ දැඩි පීඩනයෙන් ඇයව ආරක්ෂා කිරීමට සක්‍රීය ලෙස ක්‍රියා කරයි.

අවුල් වුණ කෙස් කළඹ Messy bun

ප්‍රියංකා විකල්ප එහෙත් සම්භාව්‍ය පෙනුමක් ලබා ගැනීම සදහා Messy bun විලාසිතාව තෝරා ගත්තාය.


Filmfare ඇසුරිණි – සැකසුම – තුෂාධවි