තරබාරුකම පුද්ගලයෙකුගේ සෞඛ්‍යය අනුව නිර්වචනය කළ යුතුයි. ඔවුන්ගේ බර පමණක් ඒ සදහා නොසෑහේ – කැනේඩියානු නව සායනික මාර්ගෝපදේශයක් පවසයි.
තරබාරුකම යනු ජීවිත කාලය පුරාම කළමණාකරණය අවශ්‍ය වන සංකීර්ණ, නිදන්ගත තත්වයක් බව එය අවධාරණය කරයි.

‘තරබාරුකම‘ ගෝලීය සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්වෙලා බොහෝ කාලයක් වෙනවා. ඒ හා නිර්මාණය වන සෞඛ්‍ය හා සමාජයීය ගැටලුවලට විසදුම් සෙවීමට දීර්ඝ කාලයක් තිස්සේ අරගල කළත් තවමත් ගැටලුව ආරම්භ වූ තැනම තිබෙනවා.
තරබාරුකමට කඩිනම් සහ එකම විසදුම ලෙස බොහෝ විට ඉදිරිපත් වන්නේ ආහාර පාලනය සහ ව්‍යායාම කිරීමයි. ඒත් පසුගිය දා කැනේඩියානු පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකළ නවතම අධ්‍යයනයකින් එය යල් පැනගිය අදහසක් බවට පත්ව තිබෙනවා.
ආහාර හා ව්‍යායාම නිර්දේශ කිරීමෙන් ඔබ්බට යන ලෙස එම අධ්‍යයනය වෛද්‍යවරුන්ට උපදෙස් දෙනවා. ඔවුන් අවධාරණය කරන්නේ බර වැඩිවීමට මූලික හේතු කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර සෞඛ්‍යයට පරිපූර්ණ ප්‍රවේශයක් ගත යුතු බවයි.
පසුගිය 04 වැනිදා ප්‍රකාශයට පත් වූ කැනේඩියානු වෛද්‍ය සංගමයේ ජර්නලයේ (Canadian Medical Association Journal) මෙම මාර්ගෝපදේශය පිළිබද සදහන් වෙනවා.
“තරබාරුකම පිළිබඳ ප්රමුඛ මතවාදය වන්නේ එය පාලනය කර ගැනීමට නොහැකි වී ඇත්තේ පුද්ගලික වගකීම් විරහිතභාවය සහ අධිෂ්ඨාන ශක්තිය නොමැති වීම නිසා බවයි. මෙම අදහස මගින් ස්ථුලතාවයෙන් පෙළෙන පුද්ගලයින්ට දොස් පවරන අතර ඔවුන්ව අවමානයට පත් කරනවා” මාර්ගෝපදේශයේ සදහන් වෙනවා.
එහි වැඩි දුරටත් සදහන් වන්නේ තරබාරුකමට ප්‍රාථමික ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් විසින් ඔවුන්ගේ දෛනික භාවිතයේදී තරබාරුකම හඳුනා ගැනීමට සහ ඒ සදහා ප්‍රතිකාර කිරීමට පැරණි ආකල්ප බැහැර කළ යුතු බවයි.
කැනඩාවේ පර්යේෂණ හා ප්‍රතිපත්ති අධ්‍යක්ෂක සහ මාර්ගෝපදේශයේ කතුවරයකු වන සිමෙනා රමෝස්-සලාස් පැවසුවේ ‘බොහෝ වෛද්‍යවරු තරබාරු රෝගීන්ට වෙනස් ලෙස සැලකීම් කරන බවයි‘
‘ එමඟින් සිදුවන්නේ තරබාරු රෝගීන් අසහනයට හා කළකිරීමට පත්වීමයි. එවිට ඔවුන්ගේ බර අඩුවීම කෙසේ වෙතත් වඩාත් අහිතකර, නරක ප්‍රතිඵල නම් හිමිවිය හැකියි‘ ඇය පවසයි.
“බර නැඹුරුව යනු තරබාරුකම පිළිබඳ වැරදි දේ විශ්වාස කිරීම පමණක් නොවේ,” ඇය බීබීසීයට පැවසුවාය.
“බර නැඹුරුව ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ හැසිරීමට බලපායි.”
කැනඩාවේ පසුගිය දශක තුන තුළ තරබාරුකම තුන් ගුණයකින් වැඩි වී ඇති අතර නවතම සංඛ්‍යාලේඛනවලට අනුව කැනේඩියානුවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු තරබාරු ය.
2006 සිට මෙම මාර්ගෝපදේශය යාවත්කාලීන කර නොමැති අතර එය යාවත්කාලීන කරනු ලැබුවේ වසර 14කට පසුවය.

ශරීර ස්කන්ධ දර්ශකය (Body mass index (BMI) සහ ඉණ වට ප්‍රමාණය වැනි රෝග විනිශ්චය නිර්ණායක භාවිතා කිරීම නවතම උපදෙස් තවමත් නිර්දේශ කළද, එය ඔවුන්ගේ සායනික සීමාවන් පිළිගන්නා අතර බර පුද්ගලයෙකුගේ සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව වෛද්‍යවරුන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව පවසයි.
3-5% ක් පමණ බර අඩු කිරීම සෞඛ්‍ය වැඩිදියුණු කිරීමට හේතු විය හැකි අතර තරබාරු පුද්ගලයෙකුගේ “හොඳම බර – best weight ” BMI අනුව ඔවුන්ගේ “පරිපූර්ණ බර -ideal weight ” නොවිය හැකි බව මාර්ගෝපදේශය පවසයි.
තරබාරුකම යනු ජීවිත කාලය පුරාම කළමණාකරණය අවශ්‍ය වන සංකීර්ණ, නිදන්ගත තත්වයක් බව එය අවධාරණය කරයි.
“දීර්ඝ කාලයක් තිස්සේ අපි තරබාරුකම යනු ජීවන රටාවේ ප්‍රතිඵලයක් ලෙස සැලකුවා. එය ලැජ්ඡාවට කරුණක් වූ අතර දොස් ඇසීමට ද හේතුවක් වුණා” රමෝස්-සලාස් මහත්මිය පවසයි.
“තරබාරුකමෙන් පෙළෙන පුද්ගලයින්ට වෙනත් නිදන්ගත රෝග සමඟ ජීවත් වන අය මෙන් සහයෝගය අවශ්‍ය වේ.” ඇය අවධාරණය කළා.

නමුත් රෝගීන්ට “අඩුවෙන් ආහාර ගන්න, වැඩිපුර ගමන් කරන්න” යනුවෙන් උපදෙස් දෙනවා වෙනුවට, මනෝ චිකිත්සාව, ඖෂධ සහ ආමාශයික බයිපාස් සැත්කම් වැනි බාර්ආට්‍රික් සැත්කම් (Bariatric surgery) සඳහා ආධාර සැපයීමට මාර්ගෝපදේශය මගින් වෛද්‍යවරුන් දිරිමත් කරන අතර සම්මත බර අඩු කර ගැනීමේ උපදෙස් සම්පූර්ණයෙන්ම ඉවත් නොකරයි.
“ශරීරයේ ප්‍රමාණය හෝ සංයුතිය නොසලකා සියලු පුද්ගලයින්ට සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර රටාවක් අනුගමනය කිරීමෙන් හා නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීමෙන් ප්‍රයෝජන ලැබෙනු ඇත‘ එය වැඩි දුරටත් පවසයි.
කෙසේ වෙතත්, බර අඩු කර ගැනීම බොහෝ විට දුෂ්කර බව එහි සඳහන් වන්නේ තරබාරු පුද්ගලයින්ට නිතර නිතර ඇති වන දැඩි කුසගින්න (මෙය මොළය විසින් ඇතිකරන කෘත්‍රීම තත්ත්වයකි) මිනිසුන් වැඩිපුර ආහාර ගැනීමට උනන්දු කරවන බැවිනි.
බොහෝ අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ අඩු කැලරි ප්‍රමාණයක් සහිත ආහාර වේලක් ගන්නා අය බොහෝ විට වෙනත් ක්‍රම මගින් එය නැවත ලබා ගන්නා බවයි.
“ආහාර වැඩ කරන්නේ නැහැ” රමෝස්-සලාස් මහත්මිය පවසයි.
‘රෝගියෙකුගේ බර ගැන සාකච්ඡා කිරීමේදී ඔහු දෛනිකව ආහාරයට ගන්නා කැලරි ප්‍රමාණය අඩු කරන ලෙස පැවසීම වෙනුවට ඔවුන්ට වැදගත් වන සෞඛ්‍ය ඉලක්ක කෙරෙහි අවධානය යොමු කිරීමට වෛද්‍යවරුන් පියවර ගත යුතුය‘ යනුවෙන් රමෝස්-සලාස් මහත්මිය වැඩි දුරටත් සදහන් කරයි.
2020 අගෝස්තු 04 වැනි දින බී.බී.සී වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ