පොහොට්ටුව ගාල්ලේ ආසන 9න් 7ක් ජය ගනී

පොහොට්ටුව ගාල්ලේ ආසන 9න් 7ක් ජය ගනී
Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ඒ අනුව දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන 7/9 ක් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගත්තා.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 430, 334ක් ලබාගත් අතර සමගි ජන බලවේගය ඡන්ද 115,456ක් ද ජාතික ජන බලවේගය ඡන්ද 29,963ක් ද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 18968ක් ලබාගත්තේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 826939ක්.

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 645803ක්.

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 35751ක්.

ගාල්ල දිස්ත්‍රික්කයේ වලංගු ඡන්ද සංඛ්‍යාව 610052ක්.

ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල ද ප්‍රකාශයට පත්වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 27682ක්.

සමගි ජන බලවේගය ඡන්ද 5144 ක් ලබාගත්තේය.

ජාතික ජන බලවේගය ඡන්ද 3135ක් ලබාගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති තැපැල් ඡන්ද සංඛ්‍යාව 1507ක්.