ශ්‍රී ලංකාව තුළ රැකියාවල නිරතව සිටින සියලු විදේශිකයන්ගෙන් අනිවාර්ය බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මෙතෙක් අයකළ උපයන විට ගෙවීමේ බද්ද වෙනුවට මෙම නව බද්ද හඳුන්වා දී තිබේ. එය නම්කර තිබෙන්නේ විකල්ප පදනම මත අත්තිකාරම් පුද්ගල බද්ද ලෙසයි.
පසුගිය අප්‍රේල් 01 වැනිදා සිට රැකියාවල නිරත විදේශිකයන්ගෙන් මෙම බද්ද අය කෙරෙන අතර ඒ අනුව සේවායෝජකයින් විසින් 2017 අංක 24 දරන දේශීය ආදායම් විධිවිධාන පනතේ විධිවිධානවලට අනුව අදාළ සේවකයින්ගේ කැමැත්ත මත ඔවුන්ගේ වැටුපෙන් අඩු කරගෙන අත්තිකාරම් පුද්ගල බද්ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතුයි.
මෙරට සේවයේ නියුතු සියලුම නේවාසික සේවා නියුක්තිකයන්ගෙන් සහ සියලුම වාසික එහෙත් පුරවැසියන් නොවන සේවා නියුක්තිකයන්ගෙන් එකඟතාව නොසලකා අත්තිකාරම් පුද්ගල බද්ද අය කිරීම අනිවාර්ය කර තිබෙනවා.

