අමීර් ඛාන් බොහෝ විට බොලිවුඩයේ පරිපූර්ණවාදියා Perfectionist ලෙස හැඳින්වේ. අමීර් තමා චිත්‍රපටයේ සෑම ක්‍රියාවලියකටම සම්බන්ධ වී ඇති බව සහතික කරන බව අපි කවුරුත් දනිමු. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ශ්‍රේෂ්ඨත්වය උදෙසා ඔහු දැරූ අසමසම අධිෂ්ඨානයයි.
![අමීර් ඛාන් වාර්තා කරයි](https://filmfare.wwmindia.com/content/2020/aug/aamirkhanrecords11597404997.jpg)
ඔහු නළුවෙකු ලෙස ආකර්ෂණීය වාර්තා කිහිපයක් තබා ඇති හෙයින් මේ සියල්ල සඳහා ඔහු දැරූ උත්සාහය ද සාර්ථක වී තිබේ. වර්තමානයේදී, ඉන්දීය රුපියල් කෝටි 100 සහ කෝටි 200 සීමාව පසු කරන චිත්‍රපට පොදු ප්‍රපංචයක් වී ඇති නමුත් පළමුවෙන්ම මෙම සන්ධිස්ථාන පසුකර ගියේ අමීර් ඛාන් බව බොහෝ දෙනා නොදන්නවා විය හැකිය.
අමීර් රංගනයෙන් දායක වූ ‘ගජිනි Ghajini (2008) රුපියල් කෝටි 100 සීමාව පසුකළ පළමු චිත්‍රපටය වූ අතර 2009 දී තිරගත වූ 3 අයිඩියට්ස් 3 Idiots රුපියල් කෝටි 200 සීමාව පසුකර ගියේය.
![අමීර් ඛාන් වාර්තා කරයි](https://filmfare.wwmindia.com/content/2020/aug/aamirkhanrecords21597405012.jpg)
එපමණක් නොව, ඔහු විසින් 2014 දී නිකුත් කරන ලද පී.කේ PK ද රුපියල් කෝටි 300 සීමාව පසුකර ගියේය.
![අමීර් ඛාන් වාර්තා කරයි](https://filmfare.wwmindia.com/content/2020/aug/aamirkhanrecords31597405024.jpg)
ෆිල්ම් ෆෙයාර් ඇසුරිණි – සකස් කළේ තුෂාධවි