දියේ ගිලී අතුරුදහන් දැරිය කිඹුලාගේ බඩේ…

Spread the love

ගල්නෑව – බුලන්කඩුව වැවේ දිය නාමින් සිටිය දී වයස අවුරුදු 13ක දැරිය රැගෙන ගිය කිඹුලා වෙඩි තබා මැරීමෙන් පසු දැරියගේ සිරුර කිඹුලාගේ බඩේ තිබියදී සොයා ගැනුණා. 

කිඹුලා දැරිය රැගෙන යාමෙන් පසු ඇගේ සිරුර සොයා ගැනීම සදහා ඊයේ දිනය තුල මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා.  මෙම කිඹුලන් සිටින ස්ථානයන් බැකෝ යන්ත්‍ර මගින් හාරා පරීක්ෂා කළ ද ඊයේ පස්වරු වන විටත් සොයා ගැනීමට නොහැකි වුණා.  එහෙත් තවදුරටත් ප්‍රදේශවාසීන් කිඹුලා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක  කළ අතර එම උත්සාහයන් අසාර්ථක වීමෙන් පසු ප්‍ර දේශවාසීන් කිඹුලා සෙවීම අතහැර දමා තිබෙනවා.

  ඉන් පසු දැරියගේ බාප්පා විසින් අද අළුයම  කිඹුලා සොයාගැනුණු අතර එහිදී මෙම විසින් කිඹුලාව වෙඩි තබා මාරූ බවයි වාර්තා වන්නේ.  වෙඩි තැබීමෙන් පසු කිඹුලා පරීක්ෂා කිරීමේ දී දැරියගේ සිරුර කිඹුලාගේ බඩ තුළ තිබී සොයා ගැනුණා. 

 ඊයේ සවස 6.30ට පමණ දැරිය දිය නෑමට ගොස් ඇත්තේ මව, පියා සහ වැඩිමහල් සහෝදරයා සමගයි.  එක්වරම දැරිය අතුරුදන්ව තිබෙනවා.  ඇගේ පාවහන් යුගල දිය මත පාවෙමින් තිබූ බවයි පසුව නිරීක්ෂණය වී ඇත්තේ.

  දිය නෑමට පෙර එහි කිඹුලෙකු සිටි බවට ඔවුන් දැක තිබෙනවා.  ප්‍රදේශවාසීන් පවසන්නේ එහි කිඹුලන් කිහිප දෙනෙකු සිටින බවයි.  ගල්නෑව පොලිස් නිලධාරීන් යුද හමුදාව සමග එක්ව දැරිය සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.  ගල්නෑව විදුහලේ 07 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය පවුලේ එකම ගැහැණු දරුවායි.  
[rns_reactions]